බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනමේ පැවැත්වුණු දන්ත සායනය

Two-Day Dental Clinic Launched at Bandaragama Dharma Chakra Children’s Foundation

අපගේ අනුශාසනා පරිදි 2026 වර්ෂයට අදාළව පැවැත්වෙන වෛද්‍ය සායන සේවාවේ දින දෙකක් පුරා ක්‍රියාත්මක තවත් දන්ත සායනයක් පූජ්‍ය මැදවෙල නිමලසිරි හිමියන්ගේ සංවිධානයෙන් 2026.02.19 වන දින බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනම පරිශ්‍රයේ දී විදේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

නාගානන්ද විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු දන්ත වෛද්‍ය සායනය

නාගානන්ද විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු දන්ත වෛද්‍ය සායනය

අපගේ අනුශාසනා පරිදි 2026 වර්ෂයට අදාළව පැවැත්වෙන වෛද්‍ය සායන සේවාවේ තවත් එක් දන්ත සායනයක් 2026.02.16 වන දින අප නාගානන්ද විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී විදේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. මේ සදහා ආයතනික අධ්‍යයන අනධ්‍යයන සේවක භවතුන් හා අවට ගම්වාසීන් සහභාගී විය.

දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩමකරවූ භික්ෂු දූත පිරිස මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලයට

දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩමකරවූ භික්ෂු දූත පිරිස මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීමෙන් ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද භාරතයේ දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මේ වනවිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මහජනතාවට වන්දනාමාන කිරීමට ප්‍රදර්ශනය කර ඇති අතර එම සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරවූ Read More …

අපගේ ජන්ම දිනය නිමිති කරගෙන සංවිධානය කරන ලද මහා බත් දන්සල

අපගේ ජන්ම දිනය නිමිති කරගෙන සංවිධානය කරන ලද මහා බත් දන්සල

අපගේ ජන්ම දිනය නිමිති කරගෙන අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය විසින් එම පරිශ්‍රයේදී සංවිධානය කරන ලද මහා බත් දන්සල පෙබරවාරි 03 වන දින සන්ධ්‍යා කාලයේදී පවත්වනලදි.

අපගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති සැමරුම් උළෙලට පැමිණි ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් පිළිගැනීම

අපගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති සැමරුම් උළෙලට පැමිණි ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් පිළිගැනීම

අපගේ ජන්ම දිනය වෙනුවෙන් නාගානන්ද විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය (03) වන දින සවස පැවති සැමරුම් උළෙලට ගිහි පැවිදි සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගීවූ අතර ඒ සැමට අපගේ කෘතඥතාවය පළකරමු.

අපගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වන ලද නිමි ඇඳුම් දන්සල

අපගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වන ලද නිමි ඇඳුම් දන්සල

අපගේ ජන්ම දිනය නිමිති කරගෙන නාගානන්ද විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන ලද නිමි ඇඳුම් දන්සලක් පසුගියදා (03) අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිනි.

“ලෝකාර්ථචර්යානුයෝගී යතිවරයාණෝ” සැමරුම් උළෙල

"ලෝකාර්ථචර්යානුයෝගී යතිවරයාණෝ" සැමරුම් උළෙල

අපගේ ජන්ම දින සැමරුම සහ තායිලන්තයේ පැරණිම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන චූලාලංකෝර් විශ්ව විද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම අරමුණු කරගෙන අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන ලද “ලෝකාර්ථචර්යානුයෝගී යතිවරයාණෝ” සැමරුම් උළෙල 03 වන දින පස්වරුවේදී මානෙල්වත්ත නාගානන්ද Read More …

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ සංවිධායක කමිටු රැස්වීම අප විශ්වවිද්‍යාලයේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ සංවිධායක කමිටු රැස්වීම අප විශ්වවිද්‍යාලයේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සංවිධායක කමිටු රැස්වීමක් පසුගියදා (2026.01.23) අප විශ්වවිද්‍යාල ආයතනයේ දී පැවැත්විණි. ඒ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 සැමරුම අප විශ්වවිද්‍යාල ආයතනය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සම්බන්ධවයි. එහිදී සියලු සාමාජිකයන්ගේ එකගත්වයෙන් මූලාසනය සදහා අපව පත්කරගත් අතර Read More …

Yuan Kuang බෞද්ධ විද්‍යාලයේ නියෝජිත පිරිස නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට සුහද සංචාරයකට

Yuan Kuang Buddhist College Delegation Visits Nāgānanda International Buddhist University for Friendly Exchange

Yuan Kuang බෞද්ධ විද්‍යාලයේ (圓光佛學院) අධ්‍යක්ෂක පූජ්‍ය Xing Shang නාහිමියන් (釋性尚) සහ එම විද්‍යාලයේ වැඩසිටින මෙහෙණින් වහන්සේලා කිහිපනමක් ඇතුළු පිරිස 2026 ජනවාරි මස 19 වන දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට පැමිණ අප සමඟ සුහද පිළිසඳරක නිරත විය.

Machang Monastery විහාරාධිපති හිමියන් ඇතුළු විහාරවාසී භික්ෂූන් වහන්සේලා ථෙරවාද සමාධි අධ්‍යාපන ආයතනයට වැඩම කිරීම

Machang Monastery විහාරාධිපති හිමියන් ඇතුළු විහාරවාසී භික්ෂූන් වහන්සේලා ථෙරවාද සමාධි අධ්‍යාපන ආයතනයට වැඩම කිරීම

තායිවානයේ, Machang Monastery (විහාරස්ථානයේ) විහාරාධිපති හිමියන් ඇතුළු විහාරවාසී භික්ෂූන් වහන්සේලා සහ දායක දායකාවන් පිරිස, තායිවානයේ අපගේ ථෙරවාද සමාධි අධ්‍යාපන ආයතනය (Theravada Samadhi Education Association) වෙත පැමිණ නව වසර උදෙසා ආශිර්වාද පතා සුහද හමුවක නිරත විය.

දිට්වා සුළිකුණාටුවෙන් මහනුවර පූජාපිටිය ගල්කොටුවේ සිදුවූ නායයෑම නිරීක්ෂණය කිරීම

දිට්වා සුළිකුණාටුවෙන් මහනුවර පූජාපිටිය ගල්කොටුවේ සිදුවූ නායයෑම නිරීක්ෂණය කිරීම

දිට්වා සුළිකුණාටුව සිදුවූ නායයෑමක් හේතුවෙන් මහනුවර පූජාපිටියේ ගල්කොටුව ගම්වාසීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර උක්ත ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ සොයාබැලීම්ට පසුගිය දා (12) අපගේ උපදෙස් පරිදි මහනුවර බලා ගිය කැළණිය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ නියෝජිත Read More …

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ගල්හා – පල්ලෙ දෙල්තොට ගල්කන්ද ඉසිපතන මෙහෙණි ආරණ්‍ය සේනාසනය හා අවට ගම්මානය නිරීක්ෂණය කිරීම

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ගල්හා – පල්ලෙ දෙල්තොට ගල්කන්ද ඉසිපතන මෙහෙණි ආරණ්‍ය සේනාසනය හා අවට ගම්මානය නිරීක්ෂණය කිරීම

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගල්හා – පල්ලෙ දෙල්තොට, ගල්කන්ද ඉසිපතන මෙහෙණි ආරණ්‍ය සේනාසනය සහ ඒ අසල පිහිටි නිවාස 20ක් පමණ පූර්ණ හානියට පත්ව ඇති අතර අපගේ අනුශාසනා පරිදී, පසුගියදා (15) එහි වැඩම කළ නාගානන්ද Read More …

දිට්වා සුළිකුණාටුවෙන් විනාශයට පත් දුනුමාව සිරි ධම්ම විශුද්ධාරාමය නිරීක්ෂණය කිරීම

දිට්වා සුළිකුණාටුවෙන් විනාශයට පත් දුනුමාව සිරි ධම්ම විශුද්ධාරාමය නිරීක්ෂණය කිරීම

පසුගිය දිනවල දිවයිනට බලපෑ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලවතුවල පිහිටි දුනුමාව සිරි ධම්ම විශුද්ධාරාමය විනාශවී ඇති අයුරු පහත සේයාරූ වලින් දැක්වෙන අතර එකී විහාරස්ථානය යලි ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම Read More …

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර බඹරබැද්ද ගම්මානයේ ජනතාවට සහන සැලසීම පිළිබඳ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාව

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර බඹරබැද්ද ගම්මානයේ ජනතාවට සහන සැලසීම පිළිබඳ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාව

පසුගියදා ඇතිවූ දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් සිදුවූ නායයෑම් නිසා විපතටපත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර පිහිටි බඹරබැද්ද ගම්මානයේ ගම්වැසියන්ට සහන සැලසීම පිළිබඳ සොයාබැලීම සඳහා අපගේ අවවාද අනුශාසනා හා සම්බන්ධීකරණයෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පස්ගොඩ සුමිත්ත හිමියන් ඇතුළු පිරිසක් පසුගිය 12 Read More …

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර දේනාපිටිය ගම්මානයේ ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සහන හා නැවත පදිංචි කිරීමේ අවධානය

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර දේනාපිටිය ගම්මානයේ ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සහන හා නැවත පදිංචි කිරීමේ අවධානය

දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දේනාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 40ක සාමාජිකයන්ට හිසට සෙවණක් අහිමි කරමින් ඔවුන්ගේ නිවාස යළි පදිංචි වීමට නොහැකි ආකාරයෙන් විනාශයට පත්ව ඇත. පසුගියදා සිදුවූ නායයෑම් හේතුවෙන් මෙම ගම්මානයේ නිවාස තුනක් (03) Read More …

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් වෙහෙර විහාර හා ජනතාවට සහන සැලසීම සඳහා නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් විශේෂ වැඩපිළිවෙළක්

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් වෙහෙර විහාර හා ජනතාවට සහන සැලසීම සඳහා නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් විශේෂ වැඩපිළිවෙළක්

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා විනාශයට පත්වූ වෙහෙර විහාර හා ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා අපගේ අනුශාසකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අප නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලය විසින් කටයුතු ආරම්භ කර ඇත. ඊට සමගාමීව නායයෑම් සහ ගංවතුර Read More …

මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම

මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම

අපගේ අනුශාසනා පරිදි පසුගියදා (25) මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවති “පාරමිතා” පරිෂ්කාර මහා පූජාවවට සමගාමීව, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක නියංගොඩ විජිතසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහා විහාරවංශික ශ්‍රීලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල Read More …

20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව

20 වරටත් සංවිධානය කරන ලද "පාරමිතා" පරිෂ්කාර පූජාව

අපගේ අනුශාසනා පරිදි 20 වරටත් සංවිධානය කරනලද “පාරමිතා” පරිෂ්කාර පූජාව පසුගිය 25 වනදා 5000ක් බුද්ධ ශ්‍රාවිකාවන්ගේ වැඩමවීමෙන් මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විනි.

සේවාර්ජිත මහාචාර්ය රත්න විජේතුංග මැතිතුමාට අවසන් ගෞරව දැක්වූවෙමු

සේවාර්ජිත මහාචාර්ය රත්න විජේතුංග මැතිතුමාට අවසන් ගෞරව දැක්වූවෙමු

වාග් විද්‍යා විෂයයෙහි පමණක් නො ව පාලි, සංස්කෘත, සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්හි ප්‍රවීණත්වයක් ඉසිලූ එමෙන් ම අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ආරම්භක පීඨාධිපතිවරයකු ලෙස සුවිසල් කාර්යභාරයක් සිදුකළ මහාචාර්ය රත්න විජේතුංගයන්ගේ අභාවය මෙරටට ඉමහත් පාඩුවක් සේ සැලකීමට පුලුවන. එවන් නිහතමානී, Read More …

20 වන “පාරමිතා පරිෂ්කාර පූජා” මහා පිංකම සඳහා පූර්ව සංවිධාන රැස්වීම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ

20වන “පාරමිතා පරිෂ්කාර පූජා” මහා පිංකම සඳහා පූර්ව සංවිධාන රැස්වීම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ

අපගේ අවවාද අනුශාසනා හා අනුග්‍රහය යටතේ 20 වෙනි වරටත් සංවිධානය කෙරෙන “පාරමිතා පරිෂ්කාර පූජා” මහා පිංකම පිළිබඳ පූර්ව සංවිධාන හා සාකච්ඡා කටයුතු පසුගියදා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. මේ සදහා දිස්ත්‍රික් නියෝජනය කරමින් බුද්ධශ්‍රාවිකාවෝ වැඩම කර සිටියහ. Under Read More …

Special Training Program for Buddhist Dhamma Teachers Held at NIIBS Campus

Special Training Program for Buddhist Dhamma Teachers Held at NIIBS Campus

කැලණිය කලාපයේ බුද්ධධර්මය විෂය භාර ගුරුවරුන්ගේ පුහුණු වැඩසටහනක් අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණි. එම වැඩසටහන මෙහෙයවනු ලැබූයේ පූජ්‍ය දඹෝරේ පියරතන හිමි, ගුරු උපදේශක පූජ්‍ය වැලිවැවේ තිලකසිරි හිමි ඇතුලු කලාප අධ්‍යාපන නිළධාරීන් විසිනි. එම අවස්ථාවේ දී අප ආයතනය Read More …

ලෝක ළමා දිනය නිමිත්තෙන් බුද්ධශ්‍රාවිකාවන්ගේ සැමරුම

ලෝක ළමා දිනය නිමිත්තෙන් බුද්ධශ්‍රාවිකාවන්ගේ සැමරුම

අපගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක බුද්ධශ්‍රාවිකා මූලික පිරිවෙන් ආයතනයේ අධ්‍යාපනය හදාරන බුද්ධශ්‍රාවිකාවන්ගේ ලෝක ළමා දින සැමරුම ඊයේ දින (01) පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙහිදී විවිධ ක්‍රියාකාරකම් පැවැත් වූ අතර විශේෂ දක්ෂතා දැක්වූ පිරිවෙන් බුද්ධශ්‍රාවිකාවන් උදෙසා තෑගි බෙදා දීම හා පැල බෙදාදීමත් Read More …

තායිවානයේ උලුම්බන පූජා උත්සවය

තායිවානයේ උලුම්බන පූජා උත්සවය හා අපගේ සහභාගීත්වය

මේ දිනවල අප තායිවානයේ වැඩවාසය කරන අතර තායිවාන් සංස්කෘතියේ එන උලුම්බන නම් වූ පූජා උත්සවයක් දින තුනක් පුරා තායිවානයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන අරමුණ මියගිය ඥාතීන් උදෙසා පිං පැමිණ වීම වන අතර දන්දීම්, පිරිත් දේශනා හා ධර්ම දේශනා මෙම පිංකම Read More …

අපවත් වී වදාළ ආචාර්ය අලුබෝමුල්ලේ රතනසිරි නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම

අපවත් වී වදාළ ආචාර්ය අලුබෝමුල්ලේ රතනසිරි නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම

අපවත් වී වදාළ මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක ධුරන්ධරව වැඩ විසූ, පානදුර අරුක්ගොඩ මහේන්ද්‍රරාමය ඇතුලු විහාර ගණයේ විහාරාධිපති ආචාර්ය අලුබෝමුල්ලේ රතනසිරි නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම පිණිස සහභාගි වුණෙමු. අප සමග ඈත අතීතයේ සිටම ඉතාම ළෙන්ගතුව කටයුතු කළ උන්වහන්සේ ඉතා ම නිහතමානී Read More …

‘යතිවර සම්භාවනා’ ගුණසමරු පිංකම

'යතිවර සම්භාවනා' ගුණසමරු පිංකම

අග්ගමහාපණ්ඩිත ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අතිපුජ්‍ය ආචාර්ය අකුරටියේ නන්ද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වෙනුවෙන් සංවිධානය කර තිබූ ‘යතිවර සම්භාවනා’ ගුණසමරු පිංකම ඊයේ (14) BMICH පරිශ්‍රයේදී පැවති අතර, ඒ සදහා අප ද සහභාගී විය. මහානායක මාහිමිපාණන් වහන්සේලා හා සම්භාවනීය ආරාධිත අමුත්තන් ප්‍රමුඛ Read More …

Clean ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සහ “පිරිසිදු මනසක් – පිරිසිදු වෙරළක්” තේමාව යටතේ අප විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහන

Keeping Shores and Minds Clean - NIIBS Joins Hands for a Clean Sri Lanka

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදී, Clean ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සහ “පිරිසිදු මනසක් – පිරිසිදු වෙරළක්” තේමාව යටතේ අප කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනක් පසුගියදා Read More …

“යාත්‍රා” සංගීතමය සන්නිවේදන පෙළහර 2025

“යාත්‍රා” සංගීතමය සන්නිවේදන පෙළහර 2025

අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික මාධ්‍ය අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් සංවිධානය කළ “යාත්‍රා 2025” වැඩසටහන. The “Yathra 2025” program was organized by the students of the Department of Applied Communication and Media Studies, Manelwatta Nāgānanda International Buddhist University (NIIBS).

Distinguished Visit from the Embassy of Nepal

Distinguished Visit from the Embassy of Nepal

On 31st July 2025, the Ambassador of Nepal to Sri Lanka, Dr. Poorna Bahadur, together with Professor Beena Gandhi and Mr. Vijay Kumar, made a special courtesy visit to the Nāgānanda International Institute for Buddhist Studies. They were graciously welcomed Read More …

ගැබිණි අම්මාවරුන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන

ගැබිණි අම්මාවරුන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන

අප විසින් වාර්ෂිකව ගැබිණි අම්මාවරුන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් කිහිපයක් ම සිදු කරන අතර ඉන් එක වැඩසටහනක් ඊයේ දින (2025.08.03) මිහින්තලේ ගෝල්ඩන් ටෙම්පල් පරිශ්‍රයේ දී පැවැත්විණි. ගැබිණි අම්මාවරුන්ගේ දුෂ්කරතා හදුනාගෙන අවශ්‍ය උපකරණ මෙහිදී බෙදා දෙන ලද අතර ඒ සදහා Read More …

මිහින්තලේ ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා කිරි ගවයන් බෙදාදීම

මිහින්තලේ ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා කිරි ගවයන් බෙදාදීම

අප විසින් මිහින්තලේ ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා කිරි ගවයන් බෙදා දුන් අතර කිරිගවයන් රැකබලා ගනිමින් හා පෝෂණය කරමින් තමන්ගේ කුටුම්භ ජීවන ගමනට ශක්තියක් වීම පිණිස වැඩපිලිවෙලක් සකස් කිරීම ඊයේ දින (2025.08.03) මිහින්තලේ ගෝල්ඩන් ටෙම්පල් පරිශ්‍රයේ දී සිදුවිය. A Read More …

ඉදිකරනු ලබන බැඩ්මින්ටන් හා වොලිබෝල් ක්‍රීඩාංගනවල ඉදිකිරීම් කටයුතුවල නිරීක්ෂණ කටයුතු සිදුකිරීම

ඉදිකරනු ලබන බැඩ්මින්ටන් හා වොලිබෝල් ක්‍රීඩාංගනවල ඉදිකිරීම් කටයුතුවල නිරීක්ෂණ කටයුතු සිදුකිරීම

අප මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ආයතනයේ සිසුන්ගේ ශාරීරික අභ්‍යාස සහ ක්‍රීඩා කුසලතා සංවර්ධනය කරනු පිණිස ඉදිකරනු ලබන බැඩ්මින්ටන් හා වොලිබෝල් ක්‍රීඩාංගනවල ඉදිකිරීම් කටයුතුවල නිරීක්ෂණ කටයුතු කළෙමු. ඉදිරියේ දී ආයතනික විද්‍යාර්ථින්ගේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමට අප Read More …

නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සහ භෞතික චිකිත්සක සායනය

නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සහ භෞතික චිකිත්සක සායනය

අපගේ අනුශාසනා සහ අනුග්‍රහය ඇතිව නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සායනයක් සහ භෞතික චිකිත්සක සායනයක් (Physiotherapy) 2025 ජුලි මස 08 වන දින අපගේ ආයතනයක් වන මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි. මෙහිදී විදේශීය වෛද්‍ය කණ්ඩායමක් පැමිණ නොමිලේ වෛද්‍ය සායනය Read More …

නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සහ භෞතික චිකිත්සක සායනය

නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සහ භෞතික චිකිත්සක සායනය

අපගේ අනුශාසනා සහ අනුග්‍රහය ඇතිව නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සායනයක් සහ භෞතික චිකිත්සක සායනයක් (Physiotherapy) 2025 ජුලි මස 06 වන දින අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි. මෙහිදී විදේශීය වෛද්‍ය කණ්ඩායමක් පැමිණ නොමිලේ වෛද්‍ය සායනය පැවැත්වූ අතර සංවිධානය අප Read More …

2025 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේදී අපගේ ජාතික ශාසනික මෙහෙවර ඇගයීම

2025 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේදී අපගේ ජාතික ශාසනික මෙහෙවර ඇගයීම

සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා අපරිමිත මෙහෙයක් ඉටුකළ යුග කාරක මහ තෙරුන් වහන්සේ නමකවූ අසරණ සරණ වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ජන්ම දින සැමරුමට සමගාමීව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශය මගින් ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ Read More …

නිව්යෝක් නගරයේ පිහිටි බෝධි විහාරස්ථානයට වැඩමකොට ධර්ම දේශනා පිංකම් කිහිපයක් සිදුකිරීම

නිව්යෝක් නගරයේ පිහිටි බෝධි විහාරස්ථානයට වැඩමකොට ධර්ම දේශනා පිංකම් කිහිපයක් සිදුකිරීම

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ අප විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ ඉදිරි කටයුතු සොයාබැලීමට එහි වැඩමකල අවස්ථාවේදී අපගේ දායකාරකාදීන්ගේ ආරාධනාව මත නිව්යෝක් නගරයේ පිහිටි බෝධි විහාරස්ථානයට වැඩමකොට ධර්ම දේශනා පිංකම් කිහිපයක් සිදුකරමින් ඔවුන්ට සෙත් පතන්නට යෙදුණි.

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ අප විසින් ආරම්භ කරන ශ්‍රී ලංකා සංස්කෘතික හා අධ්‍යාපන මධ්‍යස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද නාහිමිපාණන් වහන්සේ, ආචාර්ය හේනේගම ධම්මරතන හිමිපාණන් වහන්සේ සහ මහා චූලාලංකාර විශ්වවිද්‍යාලයේ වල්මෝරුවේ පියරතන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ඇමරිකාවේ වැඩ Read More …

2025 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මංගල්‍යය සැමරීම

United Nations International Vesak Celebration 2025

2025 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මංගල්‍යය සැමරීම මෙවර පැවැත්වූයේ වියට්නාමයේ හු චි මින් නගරයේ දී ය. දින තුනක් පුරා පැවැති එම උත්සවය සදහා අප වෙත කරන ලද නිල ආරාධනාව පරිදි අප ද එම අවස්ථාව සදහා සහභාගි විය. ලෝකයේ විවිධ බෞද්ධ Read More …

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාව සදහා සහභාගි වීම

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාව සදහා සහභාගි වීම

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාවක් හොංකොං හි පැවැති අතර ඒ සදහා අප ද සහභාගි විය. එළැඹෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පැවැත්වීම පිළිබඳ කරුණු එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර අප විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 11 Read More …

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන්ගේ භූතාන සංචාරය

Nayaka Thero Bhutan Tour

මේ දිනවල අප භූතානයේ සංචාරයක නිරත වන අතර ශ්‍රී ලංකාවේ හා භූතානය අතර සංස්කෘතික ආගමික සබදතා පිළිබඳවත් ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පිළිබඳවත් භූතානය හා එහි රජු වන ජිග්මේ කේසාර් නම්ග්යාල් වැන්ග්චුක් තුමා සමග සාකච්ඡා කරනු ලැබිණි. විශේෂයෙන් මෙහිදී අප භූතානයේ Read More …

මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා පැමිණිවීම පිණිස පවත්වන ලද මහා බත් සහ අතුරුපස දන්සල

මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා පැමිණිවීම පිණිස පවත්වන ලද මහා බත් සහ අතුරුපස දන්සල

මෙයට වසර දහයකට පෙරාතුව අභාවප්‍රාප්ත අපගේ මෑණියන් වහන්සේ වන හීන්නෝනා ලියනාරච්චි මාතාවට පුණ්‍යානුමෝදනා පැමිණිවීම පිණිස පවත්වන ලද මහා බත් සහ අතුරුපස දන්සල ඊයේ දින (08) රාත්‍රී කාලයේදී කැලණිය මානෙල්වත්ත අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ප්‍රවේශ දොරටුව අබියස දී 3500කට අධික Read More …