
මෙයට වසර දහයකට පෙරාතුව අභාවප්‍රාප්ත අපගේ මෑණියන් වහන්සේ වන හීන්නෝනා ලියනාරච්චි මාතාවට පුණ්‍යානුමෝදනා පැමිණිවීම පිණිස පවත්වන ලද මහා බත් සහ අතුරුපස දන්සල ඊයේ දින (08) රාත්‍රී කාලයේදී කැලණිය මානෙල්වත්ත අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ප්‍රවේශ දොරටුව අබියස දී 3500කට අධික ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී පාසැල් දරුවන් හට අවශ්‍ය පාසැල් උපකරණ බෙදාදීමක් ද සිදු විය.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල අධ්‍යයන අනධ්‍යයන හා ශිෂ්‍ය ප්‍රජාව ද බුද්ධශ්‍රාවිකාවන් හා බුද්ධශාසන නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමන් ප්‍රධාන පිරිසක් සහභාගී විය.











