අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඒකාබද්ධව සිදු කළ මියන්මාර් වැසියන්ට ආශිර්වාදය පළ කිරීමේ පිංකම හා බිහිසුණු ව්‍යසනයෙන් මියගිය අයට මතකවස්ත්‍ර පූජා කොට පැන් වඩා පිං අනුමෝදන් කිරීමේ අවස්ථාව අපගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ඊයේ දින (2025.04.03) පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා විශ්වවිද්‍යාලයේ බුරුම භික්ෂූන් හා බුද්ධශ්‍රාවිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමි, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශාධිපති සුනෙත් බණ්ඩාර මහතා, ලේඛකාධිකාරීතුමන්, මූල්‍යාධිකාරීතුමන් මෙන් ම අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ සිසුන් සහභාගී විය.












