මියන්මාරය වෙනුවෙන් නාගානන්ද සරසවිය පෙරට එයි

Myanmar Donation

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමිය සහ අපගේ සහභාගිත්වයෙන් ඊයේ දින (2025.04.01) කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී, අප විසින් විපතට පත් බුරුම ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් 10,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ අතර අපගේ සම්බන්ධීකරණයෙන් ඊයේ දින (01) එරට බලායන චීන වෛද්‍යවරුන් 41 කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් සිදු කෙරුණි.

බුරුමයේ භූ කම්පනයෙන් විපතට පත් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙම අවස්ථාවට අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙනුවෙන් එහි නියෝජිත පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමි, අධ්‍යයනාංශ ප්‍රධාන සුනෙත් බණ්ඩාර හා උපකුලපති සම්බන්ධීකාරක, කථිකාචාර්ය සූරියවැව සුමේධ හිමි මෙන්ම තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහභාගි විය.