NIIBS ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය – 2024

NIIBS ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - 2024

අප මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය මඟින් පසුගිය කාලය තුල මෙහෙයවන ලද ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලාවල, ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීම අපගේ සහ අධ්‍යාපන තාක්ෂණ හා විද්‍යා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, චන්දිමා ජානකී මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 06 වන දින කැළණිය මානෙල්වත්තේ පිහිටි නාගානන්ද ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විනි.

මේ වනවිට උපාධි පාඨමාලා 10ක් සහ ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා 46ක් මෙහෙයවනු ලබන නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ විභාග අංශය විසින් සංවිධානය කළ මෙම ඩිප්ලෝමා සහ සහතික ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනී චින් තී තම් මැතිණිය සහ එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති හා බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන හිමිපාණන් වහන්සේ, ප්‍රධාන විධායක නිලධාරී ඉන්ජිනේරු චමත් ද සිල්වා මහතා, පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති මහාචාර්ය අසංග තිලකරත්න මහතා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී.පී.මණ්ඩාවල මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාසලේ අධ්‍යක්ෂ ආචාර්ය රංගමනී වේරවත්ත මහතා, ලේඛකාධිකාරී පියරත්න රණසිංහආරච්චි මහතා ඇතුළු විශාල ආරාධිත පිරිසක් සහභාගීවූ මේ අවස්ථාවේදී අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ වසර 05කට වැඩි අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල වල සාමාජිකයන් ඇගයීම සහ සපුගස්කන්ද මහා විද්‍යාලයේ සිසුදරු දැරියන්ගේ ගායන හා නර්තන දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව සලසාදීම සුවිශේෂී විය.