Venerable. Dr. Bodagama Chandima Nayake Thero https://bodagamachandima.lk Chief Sangha Nayake in Taiwan for Sri Lanka and Chief Incumbent of Manelwatte Vihara Fri, 09 May 2025 11:37:06 +0000 en-US hourly 1 https://i0.wp.com/bodagamachandima.lk/wp-content/uploads/2021/02/cropped-Favicon.png?fit=32%2C32&ssl=1 Venerable. Dr. Bodagama Chandima Nayake Thero https://bodagamachandima.lk 32 32 194775521 2025 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මංගල්‍යය සැමරීම https://bodagamachandima.lk/2025-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1/ Fri, 09 May 2025 11:37:00 +0000 https://bodagamachandima.lk/?p=3504 Read More ...]]> 2025 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මංගල්‍යය සැමරීම මෙවර පැවැත්වූයේ වියට්නාමයේ හු චි මින් නගරයේ දී ය. දින තුනක් පුරා පැවැති එම උත්සවය සදහා අප වෙත කරන ලද නිල ආරාධනාව පරිදි අප ද එම අවස්ථාව සදහා සහභාගි විය.

ලෝකයේ විවිධ බෞද්ධ රටවල නියෝජනයක් ලෙස භික්ෂු භික්ෂුණී ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය ආගමික පුදපූජා, ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ ඇතුලු වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබුණි.

]]>
3504
ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාව සදහා සහභාගි වීම https://bodagamachandima.lk/%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b7%9d%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a-11/ Mon, 21 Apr 2025 09:50:54 +0000 https://bodagamachandima.lk/?p=3490 Read More ...]]> ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාවක් හොංකොං හි පැවැති අතර ඒ සදහා අප ද සහභාගි විය. එළැඹෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පැවැත්වීම පිළිබඳ කරුණු එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර අප විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 11 වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සංස්කෘතික අනුකමිටුවේ අධ්‍යක්ෂ ලෙස අපව නැවැත වතාවක් ඒකමතිකව තෝරාපත් කරගන්නට නවසීලන්තයේ දී ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කරමින් ඒ වෙනුවෙන් වූ සහතිකපත්‍රය අප වෙත පිළිගැන් වූ අතර ඒ වෙනුවෙන් අපගේ පුණ්‍යානුමෝදනා සිදු කරන්නට මෙය අවස්ථාවක් කරගමු.

මේ අවස්ථාව සදහා සාමාජික රටවල්වල සියලුම භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී ලංකාවේ සාමාජික භික්ෂූන් වහන්සේලා ද සහභාගී වී සිටියහ.

]]>
3490
ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන්ගේ භූතාන සංචාරය https://bodagamachandima.lk/%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b7%9d%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a-10/ Mon, 21 Apr 2025 09:41:03 +0000 https://bodagamachandima.lk/?p=3472 Read More ...]]> මේ දිනවල අප භූතානයේ සංචාරයක නිරත වන අතර ශ්‍රී ලංකාවේ හා භූතානය අතර සංස්කෘතික ආගමික සබදතා පිළිබඳවත් ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පිළිබඳවත් භූතානය හා එහි රජු වන ජිග්මේ කේසාර් නම්ග්යාල් වැන්ග්චුක් තුමා සමග සාකච්ඡා කරනු ලැබිණි.

විශේෂයෙන් මෙහිදී අප භූතානයේ රජතුමාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ අතර එය ඉතා ගෞරවයෙන් එතුමා භාරගත් බව ද එළැඹෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය සඳහා ද සහභාගීත්වය තහවුරු කිරීම ද එතුමන් විසින් සිදුකරන ලදි.

අපගේ සංචාරය අතුරතුර භූතානයේ වෙසෙන ගැබිණි මාතාවරුන්ට අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීමක් ද භූතානයේ පුනකා නම් ප්‍රදේශයේ දී සිදුකළ අතර අපගේ විදේශීය දායක දායිකාවන් 60 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක් වේ.

විශේෂයෙන් භූතාන රජු වන ජිග්මේ කේසාර් නම්ග්යාල් වැන්ග්චුක් සමග පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ අතර දෙරට අතර බුදුදහමේ සුරක්ෂිත බව උදෙසා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව මෙන් ම භූතානය තුළ සිදුකරන අපගේ සේවාවන් පිළිබඳව ද දීර්ඝ ඇගයීමක් සිදුකරන ලදි. එතුමන්ගේ පියාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් භූතානය වෙත පැමිණෙන ලෙස අප වෙත කරණ ලද ආරාධනය ද මෙහිදී සිහිපත් කළ යුතුය.

අප විසින් එතුමන් වෙත ශ්‍රී ලංකාවේ මහාථූපයේ අනුරුවක් තෑගි කළ අතර එය ඉතා ආදරයෙන් බාරගත් එතුමා අප වෙත භූතානයේ ප්‍රබලතම සංකේතයක් වන බුද්ධ රූපයේ අනුරුවක් පරිත්‍යාග කරන ලදි.

මේ සඳහා අප සමග වැඩමවමින් කටයුතු කළ භාරතයේ ප්‍රධාන සංඝනායක, අතිපූජනීය ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් ප්‍රධාන පිරිසක් සහභාගි විය.

]]>
3472
මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා පැමිණිවීම පිණිස පවත්වන ලද මහා බත් සහ අතුරුපස දන්සල https://bodagamachandima.lk/%e0%b6%b8%e0%b7%91%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%94%e0%b6%ab%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1/ Wed, 09 Apr 2025 11:27:43 +0000 https://bodagamachandima.lk/?p=3454 Read More ...]]> මෙයට වසර දහයකට පෙරාතුව අභාවප්‍රාප්ත අපගේ මෑණියන් වහන්සේ වන හීන්නෝනා ලියනාරච්චි මාතාවට පුණ්‍යානුමෝදනා පැමිණිවීම පිණිස පවත්වන ලද මහා බත් සහ අතුරුපස දන්සල ඊයේ දින (08) රාත්‍රී කාලයේදී කැලණිය මානෙල්වත්ත අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ප්‍රවේශ දොරටුව අබියස දී 3500කට අධික ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී පාසැල් දරුවන් හට අවශ්‍ය පාසැල් උපකරණ බෙදාදීමක් ද සිදු විය.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල අධ්‍යයන අනධ්‍යයන හා ශිෂ්‍ය ප්‍රජාව ද බුද්ධශ්‍රාවිකාවන් හා බුද්ධශාසන නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමන් ප්‍රධාන පිරිසක් සහභාගී විය.

]]>
3454
මියන්මාරයේ මියගියවුන්ට පිං පැමිණ වීමේ හා අසරණවූවන්ට ආශිර්වාද කිරීමේ පිංකම https://bodagamachandima.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4/ Fri, 04 Apr 2025 04:04:09 +0000 https://bodagamachandima.lk/?p=3438 Read More ...]]> අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඒකාබද්ධව සිදු කළ මියන්මාර් වැසියන්ට ආශිර්වාදය පළ කිරීමේ පිංකම හා බිහිසුණු ව්‍යසනයෙන් මියගිය අයට මතකවස්ත්‍ර පූජා කොට පැන් වඩා පිං අනුමෝදන් කිරීමේ අවස්ථාව අපගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ඊයේ දින (2025.04.03) පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා විශ්වවිද්‍යාලයේ බුරුම භික්ෂූන් හා බුද්ධශ්‍රාවිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමි, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශාධිපති සුනෙත් බණ්ඩාර මහතා, ලේඛකාධිකාරීතුමන්, මූල්‍යාධිකාරීතුමන් මෙන් ම අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ සිසුන් සහභාගී විය.

]]>
3438
මියන්මාරය වෙනුවෙන් නාගානන්ද සරසවිය පෙරට එයි https://bodagamachandima.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f%e0%b6%b1/ Wed, 02 Apr 2025 04:10:52 +0000 https://bodagamachandima.lk/?p=3428 Read More ...]]> මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමිය සහ අපගේ සහභාගිත්වයෙන් ඊයේ දින (2025.04.01) කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී, අප විසින් විපතට පත් බුරුම ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් 10,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ අතර අපගේ සම්බන්ධීකරණයෙන් ඊයේ දින (01) එරට බලායන චීන වෛද්‍යවරුන් 41 කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් සිදු කෙරුණි.

බුරුමයේ භූ කම්පනයෙන් විපතට පත් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙම අවස්ථාවට අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙනුවෙන් එහි නියෝජිත පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමි, අධ්‍යයනාංශ ප්‍රධාන සුනෙත් බණ්ඩාර හා උපකුලපති සම්බන්ධීකාරක, කථිකාචාර්ය සූරියවැව සුමේධ හිමි මෙන්ම තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහභාගි විය.

]]>
3428
Heartfelt Condolences for the Tragic Earthquake in Myanmar https://bodagamachandima.lk/heartfelt-condolences-for-the-tragic-earthquake-in-myanmar/ Mon, 31 Mar 2025 07:53:38 +0000 https://bodagamachandima.lk/?p=3425 Read More ...]]> In a move that has sensationalized the entire world, caused of the earthquake tragedy that took place in Myanmar, With the loss of so many lives and injured a large number of people.

We pay our condolences to people who suffered from the earthquake in Myanmar and wish the dead people to attain the final bliss of Nibbana.

Be strong and support the people of Myanmar!

– Vice Chancellor of the Nāgānanda International Institute for Buddhist Studies and the Academic and Non-Academic Staff –

මුලුමහත් ලෝකය ම සංවේගයට පත් කරමින්, විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි කරලූ, විශාල පිරිසකට තුවාල සිදු කරමින් මියන්මාරයේ සිදු වූ භූමිකම්පන ඛේදවාචකයෙන් ජීවිත අහිමි සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර දිවි ගලවාගත් සැමට ඉක්මන් සුව පතමු!

– නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති හිමියන් සහ අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය් මණ්ඩලය –

]]>
3425
බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන 2025 https://bodagamachandima.lk/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-4/ Fri, 28 Mar 2025 10:56:21 +0000 https://bodagamachandima.lk/?p=3413 Read More ...]]> අපගේ අනුශාසනා හා අනුග්‍රහය මත ක්‍රියාත්මක බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2025 වර්ෂය සඳහා බෞද්ධ අධ්‍යයන උපාධි පාඨමාලාවට බදවාගත් සුදුසුකම්ලාභී බුද්ධශ්‍රාවිකාවන් සමග පැවැති සාකච්ඡාව අද දින එනම් 2025.03.28 දින පැවැත්විණි.

මෙවර එම ශිෂ්‍යත්වය සදහා ශ්‍රී ලාංකේය බුද්ධශ්‍රවිකාවන්ට අමතරව බුරුමය, භූතානය, වියට්නාම් ආදී විදේශීය රටවල අය ද හිමිකම් ලැබීය. සුපසන් බුද්ධශ්‍රාවිකාවක් නිර්මාණය කිරීම මෙහි ඒකායන අරමුණයි.

]]>
3413
ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් සහ එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳව උනන්දුවක් ඇති දූත කණ්ඩායම අතර හමුව https://bodagamachandima.lk/%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b7%9d%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a-9/ Mon, 17 Mar 2025 08:52:55 +0000 https://bodagamachandima.lk/?p=3398 Read More ...]]> හිතවත් දායක පිරිසකගේ ආරාධනයෙන් පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවරට වැඩම කළ අපහට එරට වාසය කරන අපගේ දායක පිරිස විසින් ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන චීන භාෂාව හසුරවන ජනතාවගේ දහම් දැනුම වැඩිදියුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සහ ඒ සඳහා සුදුසු ඉඩමක් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවත් එකී කාර්ය සදහා අපගේ නායකත්වය බලාපොරොත්තු වන බවත් අප වෙත ප්‍රකාශ කරන ලදි.

]]>
3398
බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන 2025 – සම්මුඛ පරීක්ෂණය https://bodagamachandima.lk/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-3/ Mon, 17 Feb 2025 11:58:53 +0000 https://bodagamachandima.lk/?p=3384 Read More ...]]> අපගේ අනුශාසනා සහ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහනේ” 2025 බෞද්ධ අධ්‍යයනය උපාධිය හැදෑරීම සදහා පිරිනැමෙන පූර්ණ ශිෂ්‍යත්වය සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණි.

මෙම ශිෂ්‍යත්වය ලොව සුදුසුකම්ලාභී ඕනෑම බුද්ධශ්‍රාවිකාවකට ඉල්ලුම් කළ හැකි අතර, එය හිමිවන සෑම බුද්ධශ්‍රාවිකාවකටම නේවාසික, සෞඛ්‍ය, මූල්‍ය, ආහාරපාන ආදී සියලු පහසුකම් සලසනු ලැබේ.

]]>
3384