
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමන් 2021 දෙසැම්බර් මස 12 වන දින උදෑසන අප නාගානන්ද ජාත්‍යයන්තර අධ්‍යයන ආයතනය වෙත පැමිණ වර්තමානයේ මෙහි සිදුකරන ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින්, අප ආයතනයේ අධ්‍යයන කටයුතු පිළිබදව ද සාකච්ඡා කරන්නට යෙදුණු අතර විශේෂ වශයෙන් අපගේ අනුග්‍රහය යටතේ සහ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරනයෙන් මෙම මස 26 වන දින උදෑසන ආරම්භ කිරීමට අපේක්ෂා කරන අනුලාදේවී ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව ද මෙහිදි සාකච්ඡා කරන්නට යෙදුණි.
එහිදි ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ විසින් අනුලාදේවී ස්ථූපයේහි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබද එතුමන්ට පැහැදිලි කර දෙන්නට යෙදුණි.


