පසුගිය දිනවල දිවයිනට බලපෑ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලවතුවල පිහිටි දුනුමාව සිරි ධම්ම විශුද්ධාරාමය විනාශවී ඇති අයුරු පහත සේයාරූ වලින් දැක්වෙන අතර එකී විහාරස්ථානය යලි ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සදහා පසුගිය 12 වෙනිදා අපගේ අනුශාසනා පරිදි කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්යක්ෂ පූජ්‍යපාද පස්ගොඩ සුමිත්ත හිමි ඇතුළු කණ්ඩායමක් දුනුමාව ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වනලදි.
එමෙන්ම දුනුමාව විහාරස්ථානයේ විහාරාධිපතීත්වය උසුලන ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධර්ම යුත්තික පාර්ශවයේ අනුනායක ධුරන්ධර පූජ්‍යපාද ඉහළමුල්ලේ සුගුණවංශ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම විහාරස්ථානයේ සහ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ඇපකැපවී සිටින දුනුමාව සිරි ධම්ම විශුද්ධාරාම විහාරාධිකාරී පූජ්‍යපාද ගිරාදුරුකෝට්ටේ කුසලවංශ හිමියන් ද එම අවස්ථාවට සහභාගි විය.







