දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර දේනාපිටිය ගම්මානයේ ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සහන හා නැවත පදිංචි කිරීමේ අවධානය

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර දේනාපිටිය ගම්මානයේ ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සහන හා නැවත පදිංචි කිරීමේ අවධානය

දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දේනාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 40ක සාමාජිකයන්ට හිසට සෙවණක් අහිමි කරමින් ඔවුන්ගේ නිවාස යළි පදිංචි වීමට නොහැකි ආකාරයෙන් විනාශයට පත්ව ඇත. පසුගියදා සිදුවූ නායයෑම් හේතුවෙන් මෙම ගම්මානයේ නිවාස තුනක් (03) පූර්ණ හානියට පත්ව ඇති අතර එහිදී ගම්වැසියන් සිව් (04) දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් එක් (01) පුද්ගලයෙකු අතුරුදහන්වී ඇත. එබැවින් මෙම ගම්මානයේ ජනතාවට පදිංචි වීමට සුදුසු වාසස්ථාන ඉදිකරදීම සඳහා රජයේ මැදිහත්වීම ද ඇතිව කටයුතු කිරීම අපගේ බලාපොරොත්තුවයි.

මෙහි දැක්වෙන්නේ අපගේ අවවාද අනුශාසනා සහ සම්බන්ධීකරණය මත එකී ජනතාවට සහන සැලසීම පිළිබඳව සොයාබැලීමට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන් ඇතුළු පිරිසක් පසුගිය 12 වැනිදා දේනාපිටිය ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවයි.