වාග් විද්‍යා විෂයයෙහි පමණක් නො ව පාලි, සංස්කෘත, සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්හි ප්රවීණත්වයක් ඉසිලූ එමෙන් ම අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ආරම්භක පීඨාධිපතිවරයකු ලෙස සුවිසල් කාර්යභාරයක් සිදුකළ මහාචාර්ය රත්න විජේතුංගයන්ගේ අභාවය මෙරටට ඉමහත් පාඩුවක් සේ සැලකීමට පුලුවන. එවන් නිහතමානී, ඉවසිලිවන්ත, මහා දැනුමැති උගතෙකු වන අප මහාචාර්යතුමන්ගේ අභාවය හේතුවෙන් පවුලේ සැමට අපගේ බලවත් කණගාටුව පළකරමු.
මහාචාර්ය රත්න විජේතුංගයන් අජර අමර නිවන් සුව ලබාවා!
We paid our final respects to Emeritus Professor Ratna Wijetunge.
A distinguished scholar proficient not only in Linguistics but also in Pali, Sanskrit, Sinhala, and English, Professor Wijetunge rendered invaluable service as one of the founding Deans of Nāgānanda International Institute for Buddhist Studies.
His passing is an irreparable loss to our nation. We extend our heartfelt condolences to his family on the loss of such a humble, patient, and profoundly learned teacher.
May Professor Ratna Wijetunge attain the Supreme Bliss of Nibbāna. 🕊️









