අපගේ අනුශාසනා සහ අනුග්‍රහය ඇතිව නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු දන්ත වෛද්‍ය සායනයක් සහ භෞතික චිකිත්සක සායනයක් (Physiotherapy) 2025 ජුලි මස 06 වන දින අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.
මෙහිදී විදේශීය වෛද්‍ය කණ්ඩායමක් පැමිණ නොමිලේ වෛද්‍ය සායනය පැවැත්වූ අතර සංවිධානය අප විශ්වවිද්‍යාලය මැදිහත්ව සිදුකලේය. මේ වෛද්‍ය සායනයට විශාල ප්‍රමාණයක් ජනතාව සහභාගී වී තිබුණි.
රටපුරා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහනේ අනෙක් වැඩසටහන් මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ සහ නුවර නගරයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

















