2025 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මංගල්‍යය සැමරීම

United Nations International Vesak Celebration 2025

2025 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මංගල්‍යය සැමරීම මෙවර පැවැත්වූයේ වියට්නාමයේ හු චි මින් නගරයේ දී ය. දින තුනක් පුරා පැවැති එම උත්සවය සදහා අප වෙත කරන ලද නිල ආරාධනාව පරිදි අප ද එම අවස්ථාව සදහා සහභාගි විය.

ලෝකයේ විවිධ බෞද්ධ රටවල නියෝජනයක් ලෙස භික්ෂු භික්ෂුණී ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය ආගමික පුදපූජා, ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ ඇතුලු වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබුණි.