ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාව සදහා සහභාගි වීම

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාව සදහා සහභාගි වීම

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාවක් හොංකොං හි පැවැති අතර ඒ සදහා අප ද සහභාගි විය. එළැඹෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පැවැත්වීම පිළිබඳ කරුණු එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර අප විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 11 වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සංස්කෘතික අනුකමිටුවේ අධ්‍යක්ෂ ලෙස අපව නැවැත වතාවක් ඒකමතිකව තෝරාපත් කරගන්නට නවසීලන්තයේ දී ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කරමින් ඒ වෙනුවෙන් වූ සහතිකපත්‍රය අප වෙත පිළිගැන් වූ අතර ඒ වෙනුවෙන් අපගේ පුණ්‍යානුමෝදනා සිදු කරන්නට මෙය අවස්ථාවක් කරගමු.

මේ අවස්ථාව සදහා සාමාජික රටවල්වල සියලුම භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී ලංකාවේ සාමාජික භික්ෂූන් වහන්සේලා ද සහභාගී වී සිටියහ.