
මේ දිනවල අප භූතානයේ සංචාරයක නිරත වන අතර ශ්‍රී ලංකාවේ හා භූතානය අතර සංස්කෘතික ආගමික සබදතා පිළිබඳවත් ලෝක බෞද්ධ සංඝ සම්මේලනය පිළිබඳවත් භූතානය හා එහි රජු වන ජිග්මේ කේසාර් නම්ග්යාල් වැන්ග්චුක් තුමා සමග සාකච්ඡා කරනු ලැබිණි.
විශේෂයෙන් මෙහිදී අප භූතානයේ රජතුමාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ අතර එය ඉතා ගෞරවයෙන් එතුමා භාරගත් බව ද එළැඹෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය සඳහා ද සහභාගීත්වය තහවුරු කිරීම ද එතුමන් විසින් සිදුකරන ලදි.
අපගේ සංචාරය අතුරතුර භූතානයේ වෙසෙන ගැබිණි මාතාවරුන්ට අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීමක් ද භූතානයේ පුනකා නම් ප්‍රදේශයේ දී සිදුකළ අතර අපගේ විදේශීය දායක දායිකාවන් 60 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක් වේ.
විශේෂයෙන් භූතාන රජු වන ජිග්මේ කේසාර් නම්ග්යාල් වැන්ග්චුක් සමග පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ අතර දෙරට අතර බුදුදහමේ සුරක්ෂිත බව උදෙසා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව මෙන් ම භූතානය තුළ සිදුකරන අපගේ සේවාවන් පිළිබඳව ද දීර්ඝ ඇගයීමක් සිදුකරන ලදි. එතුමන්ගේ පියාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් භූතානය වෙත පැමිණෙන ලෙස අප වෙත කරණ ලද ආරාධනය ද මෙහිදී සිහිපත් කළ යුතුය.
අප විසින් එතුමන් වෙත ශ්‍රී ලංකාවේ මහාථූපයේ අනුරුවක් තෑගි කළ අතර එය ඉතා ආදරයෙන් බාරගත් එතුමා අප වෙත භූතානයේ ප්‍රබලතම සංකේතයක් වන බුද්ධ රූපයේ අනුරුවක් පරිත්‍යාග කරන ලදි.
මේ සඳහා අප සමග වැඩමවමින් කටයුතු කළ භාරතයේ ප්‍රධාන සංඝනායක, අතිපූජනීය ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් ප්‍රධාන පිරිසක් සහභාගි විය.












