
ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ළමා පදනම මගින් පාලනය වන ලියෙං සිං පෙර පාසල් 12 ක එකමුතුවෙන් සිඟිති දුවා දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන 2024 වාර්ෂික විවිධ ප්‍රසංගය අපගේ ප්‍රධානත්වයෙන් 2024 නොවැම්බර් මස 23 වන දින මානෙල්වත්ත, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.
අප නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහභාගීවූ මේ අවස්ථාවට බෝදාගම, තණමල්විල ආදී දුර බැහැර ප්‍රදේශවල සිට දුවා දරුවන්ගේ දෙමාපියන් රැසක්ද පැමිණ සිටීම සුවිශේෂී විය.























