ලෝක ළමා දිනය සිහිකරමින් ශ්‍රී ලංකාවේ භාවිත ලෝක ළමා දින සැමරුම් උත්සවයක් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් නාගානන්ද විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි

ලෝක ළමා දිනය සිහිකරමින් ශ්‍රී ලංකාවේ භාවිත ලෝක ළමා දින සැමරුම් උත්සවයක් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් නාගානන්ද විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි

අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන් ලෝක ළමා දිනය නිමිති කරගෙන වැඩසටහන් ගණනාවක් 2024.10.01 දින මානෙල්වත්ත, නාගානන්ද විශ්වවිද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදි දුවාදරුවන් දැනුවත් කරනු වස් අධ්‍යාපන කුටි, උපදේශනාත්මක කුටි, විනෝදාංශ සහ තරග ආදි විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාව සදහා නාගානන්ද විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි, ප්‍රධාන විධායක නිලධාරිතුමන්, අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මැතිණිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු දෙමාපියන් සහ දුදරුවන් විශාල පිරිසක් සහභාගී විය.