අපවත් වී වදාළ, ගම්පහ පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වීමට ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමි සහභාගි වීම

අපවත් වී වදාළ, ගම්පහ පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වීමට ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමි සහභාගි වීම

අපවත් වී වදාළ, ගම්පහ පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ සාතිශය සංවේගය පළකරමු.

ගම්පහ පේමසිරි හිමියන් බෞද්ධ භාවනාව සම්බන්ධව ලක්දිව වැඩවිසූ ප්‍රවීණතම තෙරුන් වහන්සේ නමක් ලෙස අප අගය කළ යුතුය. ධර්මකාමී සිල්වත් ගුණවත් යතිවරයකු වූ උන්වහන්සේ දෙල්ගොඩ කඳුබොඩ සිරිසුමතිපාල සෙනසුන් අරණහෙි ප්‍රධාන කම්මට්ඨානාචාර්යවරයන් ලෙස කටයුතු දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ. උන්වහන්සේගේ අපවත්වීම අප බලවත් කණගාටුවකට පත්කළ සිදුවීමක් විය. උන්වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වීමට අප ද සහභාගි විය. ගම්පහ පේමසිරි නාහිමියන් නිවන් සුව ස්පර්ශ කරාවා!