වියට්නාමයේ තානාපතිතුමිය වන Ho Thi Thanh Truc මහත්මිය සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

වියට්නාමයේ තානාපතිතුමිය වන Ho Thi Thanh Truc මහත්මිය සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

වියට්නාමයේ තානාපතිතුමිය වන Ho Thi Thanh Truc මහත්මිය තානාපති සේවයෙන් විශ්‍රාම ගැනීමට පෙරාතුව අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත පැමිණ අප සමඟ සුහද සාකච්ඡාවක් නිරත විය. එතුමිය වියට්නාමය හා අප ශ්‍රී ලංකාව අතර සුහදතාවය වර්ධනය කරනු පිණිස ද ආගමික සංස්කෘතික සාමාජික සුහදතාවයන් වර්ධනය කරනු පිණිස ද සිය නොමඳ සහය ලබාදුන් බව මෙහිලා සිහිපත් කළ යුතුය. ඇයට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කරගනිමු.