
භූතානයේ හිටපු කතානායකතුමන්ගේ ආරාධනාවකට අනුව මෙම මස 09 වන දින අපගේ හිතවත් විදේශිය දායකාරකාදීන් පිරිසක් සමග භූතානයට වැඩමකොට එහි පෞරාණික වෙහෙර විහාරස්ථාන කිහිපයක් වන්දනාමාන කරගනිමින්, ගැබිණි මව්වරු 200කට ආසන්න පිරිසකට ඔවුන්ට අත්‍යවශය වන උපකරණ කට්ටල ආදිය පරිත්‍යාග කරන්නට යෙදුණි.
මේ අවස්ථාවට ආචාර්‍ය පූජ්‍ය දොඩම්ගොඩ රේවත නායක හිමියන් ඇතුළු දෙස් විදෙස් හිමිවරුන් කිහිපදෙනෙක්ම සම්බන්ධවන්නට යෙදුණි. මේ පිංකමට සහයෝගය ලබාදුන් දෙස් විදෙස් ගිහි පැවදි සියලු දෙනාටම පුණ්‍යාණුමෝදනා වේවා.











