බෝදාගම චන්දිම නාහිමියන්ගේ උපදෙස් පරිදි දහම් පාසල් ගුරුවරුන්ට සහනදායී අන්දමින් උපාධි වරම් ලැබීම උදෙසා වැඩපිලිවෙලක්

බෝදාගම චන්දිම නාහිමියන්ගේ උපදෙස් පරිදි දහම් පාසල් ගුරුවරුන්ට සහනදායී අන්දමින් උපාධි වරම් ලැබීම උදෙසා වැඩපිලිවෙලක්

දහම් පාසල් ගුරුවරුන්ගේ දහම් අධ්‍යාපනය විධිමත් කිරීමට, දහම් පාසල් ගුරුවරුන්ට සහනදායී අන්දමින් උපාධි වරම් ලැබීමට සහ විධිමත්ව බෞද්ධ අධ්‍යයනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම උදෙසා වැඩපිලිවෙලක් විශ්වවිද්‍යාලයේ උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ.

එහිදී දහම් ගුරුවරුන්ට බෞද්ධ අධ්‍යයන උපාධිය, ඉංග්‍රිසි ඩිප්ලෝමා මෙන්ම දෙමළ භාෂා පාඨමාලා ලබාදීමට කටයුතු සිදුකොට තිබේ.

මෙම අවස්ථාව සම්බන්ධීකරණය කිරීම කිත්සිරි ආනන්ද මහත්මා විසින් සිදුකරන අතර කථිකාචාර්ය පස්ගොඩ සුමිත්ත හිමි සූරියවැව සුමේධ හිමි යන අය සහභාගී විය.