පාද යාත්‍රාවේ යෙදුණු තායිලන්ත භික්ෂුන් වහන්සේලා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

පාද යාත්‍රාවේ යෙදුණු තායිලන්ත භික්ෂුන් වහන්සේලා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

තායිලන්තයේ සිට ලංකාවට වැඩමකොට ගුවන්තොටුපලේ සිට පාද චාරිකාවෙන් මහනුවරට වැඩම කරමින් දළදා වහන්සේ වැදපුදා ගනිමින්, මහනුවර සිට අනුරාධපුරයට පාද චාරිකාවෙන්ම වැඩමකොට ජය ශ්‍රී මහා බෝ සමිදුන් ඇතුළු අටමස්ථාන වැදපුදා ගැනීම උන්වහන්සේලා විසින් වාර්ෂිකව සිදුකරන්නට යෙදෙන පුණ්‍ය කටයුත්තකි.

උන්වහන්සේලා නැවත තායිලන්තයට වැඩම කිරීමට පෙර දින නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පැමිණ එක් රෑයක් මෙහි විවේකීව වැඩසිටි උන්වහන්සේලා සදහා සිව්පසයෙන් උපස්ථාන කිරීමට අපට ද අවස්ථාවක් උදාවුණි. ඒ කටයුත්ත සදහා සහයෝගය දැක්වු අපගේ සියලුම ගිහි පැවදි කාර්‍යමණ්ඩලයට පුණයානුමෝදනා කරමු.