ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ශ්‍රී ලංකාවේ සාමාජික භික්ෂූන් වහන්සේලාගේ විශේෂ සාකච්ඡාව

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ශ්‍රී ලංකාවේ සාමාජික භික්ෂූන් වහන්සේලාගේ විශේෂ සාකච්ඡාව

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ශ්‍රී ලංකාවේ සාමාජික භික්ෂූන් වහන්සේලාගේ විශේෂ සාකච්ඡාවක් 2024.02.16 දින එනම් අද දින මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණි.

මෙහිදී අවධානයට ලක් වූ විශේෂ කරුණ වූයේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෛශාඛ්‍ය මංගල්‍යය දිනය සැමරීම සම්බන්ධවයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යෝදය පරිවේණාධ්‍යක්ෂ, මහාවිහාරවංසික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි, බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමි ඇතුලු හිමිවරු රාශියක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.