
බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන අනුව අපගේ අනුග්‍රහය ඇතිව බුද්ධශ්‍රාවිකාවන් උදෙසා බෞද්ධ අධ්‍යයන පාඨාමාලා හැදෑරීමේ අවස්ථාව ආරම්භ කිරීම 2023 ජුනි මස 26 වන දින සිදු වූ අතර එහිදී එම පාඨමාලාවන් සඳහා සුදුසුකම් ලැබූ බුද්ධශ්‍රාවිකාවන් අප අධ්‍යයන ආයතනය වෙත පැමිණ කටයුතු ආරම්භ කරන ලදි.
මේ අවස්ථාව සඳහා අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පිඨයේ පීඨාධිපතිහිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේලා සහ ලේඛකාධිකාරීතුමන් ඇතුළු පිරිස සහභාගී විය.