
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩමකොට වසර 2331 ක් සපිරීම නිමිතිකොටගෙන පොසොන් පොහොය දිනයෙහි අනුරාධපුර මිහින්තලා ප්‍රදේශය අවට ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ගැබිණි මාතාවන් 500 දෙනෙකු සදහා ඔවුන්ට අත්‍යවශය කරන ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්නට යෙදුණි.
ඒ තුළින් අත්පත් කරගත්තා වූ කුසල් දහම් අපගේ ගුරුදෙවෝත්තමයන් වහන්සේලා සහ දෙමාපිය දෙපළ ඇතුළු අපට සිව්පසයෙන් උපස්ථානකොට මියපරලොව යන්නට යෙදුණු ලෝකවාසී සියලු දායකාරකාදීන්ට මේ පින් අනුමෝදන් වේවා! මේ සදහා අපට ශ්‍රම දායකත්වයෙන් සහය වූ දෙස් විදෙස් ගිහි පැවදි සියලුදෙනාව පුණයානුමෝදනා පුර්වකව සිහිපත් කරමු.