බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කළ “කුරුන්දාලෝක සම්භාෂණය”

බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කළ "කුරුන්දාලෝක සම්භාෂණය"

මුලතිව් කුරුන්දි විහාරය යනු ශ්‍රී ලාංකේය අපට අතිශය වැදගත් සිද්ධස්ථානයකි. කාලයාගේ අවෑමෙන් අභාවයට ගිය එම කුරුන්දි විහාරය යලි සංවර්ධනය කර සසුනට භාර කිරීමේ කාර්යෙහිලා අප ද නොමද සහය ලබාදුණි. බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කළ “කුරුන්දාලෝක සම්භාෂණය” නමින් 2023.05.19 වන දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැතියේ එලෙස සාර්ථක ලෙස නිමාවට පත්වුන කුරුන්දි විහාරය පිළිබද සම්භාෂණය යි.

ජගත් සුමතිපාල මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති එම අවස්ථාවට මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අනුනායක, නියංගොඩ විජිතසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කොටගත් සම්භාවනීය ගරුතර මහා සංඝරත්නය සහභාගී වූ අතර මැති ඇමතිවරු, රාජ්‍ය නිළධාරීන් මෙන් ම වෘත්තීවේදීන් හා බහුජන සංවිධානවල නියෝජිතයන්, සිවිල් පුරවැසියන් ආදී විශාල පිරිසක් ඒ අවස්ථාවට සහභාගී විය.

Visit the link for the full album