
බුද්ධශ්‍රාවිකාවන් 100 ක් නමක් උදෙසා සුවපහසු නේවාසික පහසුකම් සහිත නව ආරාම ගොඩනැගිල්ල විවෘත කිරීම අපගේ ප්‍රධානත්වයෙන් අද දින, එනම් 2023 අප්‍රේල් මස 26 වන දින සිදුකරන්නට යෙදුණි.
ආධ්‍යාත්මික සංවර්ධනය මෙන් ම අධ්‍යාපනික සංවර්ධනය ඇතිකරගනු පිණිස වීර්ය වඩන්නා වූ බුද්ධශ්‍රාවිකාවන් වෙනුවෙන් මෙය ඉදිකරනු ලැබිණි.
විවෘත කිරීමේ අවස්ථාව සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන හිමියන් ඇතුලු භික්ෂූන් වහන්සේලා හා බුද්ධශ්‍රාවිකාවන් සහභාගී වූ අතර තායිවාන් භික්ඛුණින් වහන්සේලා ඇතුලු පිරිසක් සහභාගී විය.