
මේ සිංහල-හින්දු අලුත් අවුරුදු සමයයි. හැමදෙනාම හැමතැනම අලුත් අවුරුද්දට සූදානම් වෙයි. අධ්‍යාපන ආයතන නිවාඩු දීමට මත්තෙන් අප යටතේ මෙහෙයවනු ලබන “බුද්ධශ්‍රාවිකා පිරිවෙන් අධ්‍යාපන ආයතනයේ 2023 බක් මහ උලෙළ” පසුගිය දා, එනම් 2023 අප්‍රේල් මස 03 වන දින එම පිරිවෙන් ආයතනයේ දී පැවැත්විණි.
සිසුන් 60 කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බුද්ධශ්‍රාවිකා පිරිවෙන් අධ්‍යාපන ආයතනය තුල දහම් අධ්‍යාපනයට අමතරව අපගේ සංස්කෘතිය, සිරිත් විරිත් ආදිය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල පුහුණුව ලබාදීමේ අවස්ථාවක් ලෙස මෙම අවුරුදු උත්සවය පැවැත්විය.
අපගේ අනුශාසනා පරිදි පැවැත්වුණු මෙම උත්සවය සදහා පූජ්‍ය ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් ද සහභාගී විය. සංස්කෘතික අංගයන් මනාව සිදුකරමින් හෙළ සිරිතට මුල්තැන දී කටයුතු සිදුවීම මෙහිදී විශේෂයෙන් සිදුවිය.