
අප විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය මඟින් සංවිධානය කරනු ලැබූ ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගිතාව වර්ධනය කිරීමේ සංස්කෘතික ප්‍රසංගයක් පසුගියදා (2023.03.25) විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. බස්නාහිර පළාතේ පාසල්වල දුවාදරුවන් සම්බන්ධ කරගනිමින් සංස්කෘතික තරඟ පවත්වා අවසන් වටයේ තරඟ සහ ජයග්‍රාහකයන්ට සම්මාන, සහතික සහ තෑගි ප්රදානය කිරීම එහිදී සිදුකළ අතර මේ අවස්ථාව සදහා අප විසින් ක්‍රියාත්මක උතුරු නැගෙනහිර දරුවන් උදෙසා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන හා එක් වූ දරුවන් ද සහභාගි වූ අතර ඔවුනට තෑගි ලබා දීම අප විසින් සිදු කරන ලදි. නැටුම් ගැයුම් තුළින් දක්ෂතා දැක් වූ දරුවන්ගේ අනාගත යහපත උදෙසාත්, ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගිතාව වර්ධනය කරනු පිණිසත් මෙය පැවැත්විණි.
මේ අවස්ථාව සදහා ශ්‍රී පාදස්ථානාධිපති, ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමුව පළාත් සංඝනායක අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්, බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ආගමික කටයුතු ලේකම් සුජිත් අක්කරවත්ත, විදේශීය තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ බුද්ධශාසන අමාත්‍යංශයේ ගරු ලේකම්තුමන් ඇතුලු අප විශ්වවිද්‍යාල අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලය හා දෙමව්පියන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.
මෙහිදී ගායන අංශයේ ප්‍රථම ස්ථානය කඩුවෙල, බෝමිරිය ජාතික පාසල ලබා ගත් අතර නර්තන අංශයේ ප්‍රථම ස්ථානය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විසින් ජයග්‍රහණය කරන ලදි.