
අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට 2023 වර්ෂයට නවක සිසුන් බදවා ගැනීමෙන් පසු එම ශිෂ්‍යයන් සදහා අප ආයතනයේ අංශවල ඉගැන්විමේ ක්‍රමවේදය පිලිබදව සහ ආයතනය පිලිබදව හදුන්වාදීමේ වැඩසටහනක් පසුගිය දෙදින තුල දවස පුරා සිදුකරන්නට යෙදුණි.
එම අවස්ථාවේ දී පූජ්‍ය ආචාර්‍ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ සම්බන්ධිකාරකත්වයෙන් වැඩම කරන්නට යෙදුණු භූතානයේ වැඩවෙසෙන පූජ්‍ය මහාචාර්‍ය Wangchuk Dorjee Negi හිමියන්ගේ විශේෂ දේශනයක් පැවැත්විණි. මේ අවස්ථාවට සම්පත් දායකත්වයෙන් සම්බන්ධවුණු උන්වහන්සේලා දෙපලටම අපගේ පුණ්‍යානුමෝදනාව පිරිනමමු.