බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනමේ පැවැත්වුණු නේවාසික සාමණේර භාවනා වැඩසටහන

බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනමේ පැවැත්වුණු නේවාසික සාමණේර භාවනා වැඩසටහන

වර්තමානයේ භික්ෂු සමාජයට අත්‍යවශය කාරණයක් වනුයේ අනාගත සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලීමට බුද්ධ පුත්‍රයන් වහන්සේලා නිර්මාණය කිරීමත්, උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකරලීමත්ය. එනිසාවෙන් අප විසින් බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනම මීට වසර 20 කට ඉහත දී ආරම්භකොට එම ස්‍ථානයේ සිදුකරන සමාජ සත්කාරයන්ගෙන් එක් කාරණයක් ලෙස භික්ෂුන් වහන්සේලා සදහා ආධ්‍යාත්මික වැඩසටහන් වාර්ෂිකව පවත්වන්නට යෙදුණි. නමුත් මීට වසර 09, 10 කට ඉහත පටන් අපගේ කාර්‍යබහුලත්වය සහ එම ස්ථානය පරිපාලනය කල පූජ්‍ය පඥ්ඥාකිත්ති ස්වාමින්වහන්සේගේ අසනීප තත්වය හේතුවෙන් එම වැඩසටහන් එම ස්ථානයේ සිදුකරන්නට නොහැකි විය.

නමුත් අපගේ අනුශාසනා හා මගපෙන්වීම මත වර්තමානයේ එහි පරිපාලන කටයුතු සිදුකරන රාජකීය පණ්ඩිත, පූජ්‍ය මැදවල නිමලසිරි ස්වාමින්වහන්සේ විසින් එම කටයුත්ත 2023 පෙබරවාරි මස 12 දින සිට නේවාසික සාමණේර භාවනා වැඩසටහන පුරා දින පහක් සාර්ථකව සිදුකර අවසන් කිරීමට හැකිවීමත් ඉදිරියේදී පැවැත්වීමට යෝජිත වැඩසටහන් ද මේ අයුරින්ම සාර්ථක කරගැනීමට උන්වහ්සේ ඇතුළු එම කාර්‍ය මණ්ඩලයට තුණුරුවන් සරණින් ශක්තිය ධෛර්‍යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි!

Visit the link for the full album