
සියමය නොහොත් වර්තමාන තායිලන්තයේ භික්ෂුන් වැඩමවා සියම් උපසම්පදාව ලක්දිව පිහිටුවා වසර 270 ක් පිරීම නිමිත්තෙන් මහා චුලාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, පූජ්‍ය ආචාර්ය වල්මෝරුවේ පියරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් තායිලන්ත භික්ෂුන් වහන්සේලා විසින් 2023 ජනවාරි මස 13 වන දින සිට පෙබරවාරි මස 06 වන දින දක්වා පාද යාත්‍රාව සිදුකරන්නට යෙදුණි.
මෙම පාද යාත්‍රාව කොළඹ සිට අනුරාධපුර සොලොස්මස්ථාන, මිහින්තලය, දඹුල්ල සහ ශ්‍රී පාදස්ථානය ආදි පූජනීය බෞද්ධ සිද්ධස්ථාන පාද යාත්‍රාවෙන්ම වැදපුදාගත් අතර එසේම සීගිරිය ආදි සංචාරක ස්ථානවල පරිසර සෞන්දර්යය විදගැනීමට ද උන්වහන්සේලා අමතක නොකලේය. මෙම පාද යාත්‍රාව අවසන් කොට 2023 පෙබරවාරි මස 08 වන දින සන්ද්‍යාවේ තායිලන්ත භික්ෂුන් වහන්සේලා පුමුඛ එම දායකාරකාදීන් ලංකාවෙන් පිටත් වීමට නියමිතය.
උන්වහන්සේලා විසින් අප රටට වැඩම කොට ඉතා සද්භාවයෙන් සිදුකරන්නට යෙදුණු මෙම පාද යාත්‍රාව අගය කිරීම සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක හිමියන්ගේ ආශිර්වාදය ලබාදෙමින් ගමනාන්තය සාර්ථකව අවසන් කල බව සනිටුහන් කිරීමේ උත්සවය සහ සමරු තිළිණ ප්රදානය කිරීම අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී 2023 පෙබරවාරි මස 06 වන දින පවත්වන්නට යෙදුණි. අප ලංකාවේ වැඩ නොසිටියත් අපගේ අවවාද උපදෙස් මත අපගේ ශිෂ්‍ය හිමිවරුන්, කාර්යමණ්ඩලය සහ මානෙල්වත්ත විහාරස්ථානයේ දායකාරකාදීන් ඇතුළු පිරිස් ඒකරාශි වී මෙම කටයුත්ත සුදානම් කරන්නට යෙදුණි.