චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්‍ය පාලිත කොහොන මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්‍ය පාලිත කොහොන මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට 2023 ජනවාරි මස 08 වන දින චීනයේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්‍ය පාලිත කොහොන මහතා පැමිණ අප විශ්වවිද්‍යාලයේ 2023 වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත් නව උපාධි පාඨමාලාවන් වන තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව, මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව, ව්‍යවහාරික පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව ඇතුළු උපාධි පාඨමාලාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණි.