කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් කිහිපයක ළමයින්ට අත්‍යවශය වන පාසල් උපකරණ ලබාදීම

කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් කිහිපයක ළමයින්ට අත්‍යවශය වන පාසල් උපකරණ ලබාදීම

අප විසින් ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත් මේ කාල වකවානුව තුලදී ජාති ආගම් භේද නොතකා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ජීවත්වන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට අපට හැකි ශක්ති ප්‍රමාණයෙන් පිහිට වීමට අප අපේක්ෂා කරමු.

ඒ අනුව තායිවානයේ බුද්ධාලෝක පදනම මගින් කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් කිහිපයකට ලබන්නා වූ නව වසරට පරිහරණය කිරීම සදහා ළමයින්ට අත්‍යවශය වන පොත් පත්, පෑන් පැන්සල් ආදි පාසල් උපකරණ 2022 නොවැම්බර් මස 27 සහ 28 යන දෙදිනයන්හි දී ලබාදෙන්නට යෙදුණි.

එම අවස්ථාවේදී අප විසින් දෙමළ බසින් මුද්‍රිත, පූජ්‍ය වල්පොල රාහුල නාහිමියන් විසින් රචිත “බුදුන් වදාළ ධර්මය” ග්‍රන්ථය සහ “ධම්මපදය” ආදි බෞද්ධ ග්‍රන්ථ එම පාසල් ළමයින්ට සහ ආචාර්‍යවරුන්ට ලබාදෙන්නට කටයුතු කෙරිණි.