
රටේ ඇතිවු ආර්ථික උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් සියලු ලක්වැසියන් උදෙසා අප විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු සහල් සහ කිරිපිටි බෙදාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහන 2022 සැප්තැම්බර් මස 16 වන දින ආරම්භ කරමින් මෙම වැඩසටහන මාස 02 ක් පුරාවට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ජාති ආගම් කුල භේදයකින් තොරව අසරණභාවයට පත් පවුල් සදහා අප හැකි පමණින් උපකාර කරන්නට යෙදුණි.
මේ තුලින් අත්පත්කරගත් සියලු කුසල් දහම් අපගේ ගුරුදේවයන් වහන්සේ ප්‍රධාන අපට අධ්‍යාපනය ලබාදුන් ගිහි පැවදි සියලුම ආචාර්යවරුන්ටත්, දෙමාපිය දෙපළ ඇතුළු අපට සිව්පසයෙන් උපස්ථාන කල දෙස් විදෙස් ලෝකවාසී සියලුම දායක පින්වතුන්ටත් මේ පුණ්‍යකර්මය අනුමෝදන් වේවා!
අප විසින් මෙම සහල් මළු බෙදාදීමේ වැඩසටහනේදී නිර්ණායක කිහිපයක් අනුගමනය කල අතර, 2022 සැප්තැම්බර් මස 16 වන දින සිට මේ දක්වා සහල් මළු සහ කිරිපිටි බෙදාදීම පිළිබද විස්තර පහතින් දැක්වේ,
- 2022 සැප්තැම්බර් මස 16 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ සේවයේ නියුතු අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා සහල් මළු බෙදාදීම.
- බොල්ලෑගල, පට්ටිවිල ප්‍රදේශවාසින් සඳහා 2022 සැප්තැම්බර් මස 21 වන දින ඔවුන්ට අවශ්‍ය සහල් බෙදාදීම.
- 2022 සැප්තැම්බර් මස 26 වන දින නුවර අලවත්තේගම ප්‍රදේශයේ අඩු ආදයම්ලාභී පවුල් 150 කට සහල් මළු ප්‍රධානය කිරීම.
- 2022 සැප්තැම්බර් මස 28 වන දින මො/බෝදාගම මහාවිද්‍යාලයේ පළමුවන වසරෙහි ඉගෙනුම ලබන දරුවන් සඳහා ආධාර ලබාදීම.
- 2022 සැප්තැම්බර් මස 28 වන දින හම්බෙගමුව මුතුමාල රජමහා විහාරයේදී පෙරපාසල් දහනවයක දරුවන් හාරසියකට අධික ප්‍රමාණයකට සහ පෙරපාසල් ගුරුවරුන්ට ආධාර ලබාදීම.
- 2022 සැප්තැම්බර් මස 29 වන දින බෝදාගම ලියෙං සිං පෙරපාසලේදී පෙරපාසල් විස්සක දරුවන් හාරසියකට අධික ප්‍රමාණයකට, පෙරපාසල් ගුරුවරුන්ට, අවුරුදු පහට අඩු පෙරපාසල් නොයන දරුවන්ට සහ කිරි දෙන මවුවරුන්ට ආධාර ලබාදීම.
- 2022 සැප්තැම්බර් මස 29 වන දින හැටන් ප්‍රදේශයේ වතුකරයේ ජීවත්වන ජනතාව උදෙසා සහල් මළු බෙදාදීම.
- 2022 සැප්තැම්බර් මස 30 වන දින නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට අනුබද්ධිත ආයතනයක් වන ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානය අවට ප්‍රදේශවාසී පවුල් කිහිපයක් සඳහා සහල් මළු ප්‍රධානය කිරීම.
- 2022 ඔක්තෝම්බර් මස 02 වන දින ගාල්ල කච්චිවත්ත පුරාණ මහා විහාරයේදී එම ප්‍රදේශයේ අත්‍යවශය පවුල් සඳහා සහල් මළු ප්‍රධානය කිරීම.
- 2022 ඔක්තෝම්බර් මස 02 වන දින කදුරුවැව විහාරස්ථානයේ දහම්පාසල් දූදරුවන්ට හා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීම.
- ගම්පහ දිස්ත්‍රික්කය තුල ඉන්ධන පිරවුම්හල්වල සේවක මහතුන් සඳහා සහල් මළු පරිත්‍යාග කිරීම.
- 2022 ඔක්තෝම්බර් මස 09 වන දින කැකිරාව, බුදුගේහින්න ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් මළු බෙදාදීම.
- 2022 ඔක්තෝම්බර් මස 14 වන දින හබඩවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් මළු බෙදාදීම.
- 2022 ඔක්තෝම්බර් මස 14 වන දින අඟුණකොළවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් මළු බෙදාදීම.
- 2022 ඔක්තෝම්බර් මස 18 වන දින ගෝනවල ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරය, බොල්ලෑගල සිරිනන්ද විහාරය, ගෝනවල ශ්‍රී සුනන්දාරාමය, ගෝනවල ශ්‍රී විජයාරාමය, ගෝනවල විහාරමහාදේවි බෞද්ධ මධ්‍යස්ථානය, ගෝනවල ශ්‍රී මහෙන්ද්රාරාමය, කඩවත ශ්‍රී පුෂ්පාරාමය, කඩවත බිම්බාරාමය, කඩවත බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථානයන් සඳහා අත්‍යාවශය සහල් මළු ප්‍රධානය කිරීම.
- යුධ හමුදාපතිතුමාගේ ඉල්ලීම පරිදි, අඩු ආදායම්ලාභී පවුල් සදහා බෙදාදීමට අවශ්‍ය සහල් මළු 2022 නොවැම්බර් මස 08 වන දින යුධ හමුදාවට බාරදීම.
- 2022 නොවැම්බර් මස 12, 13 යන දෙදිනයන්හි අනුරාධපුර කොටවැව ප්‍රදේශයේ දුෂ්කර පවුල් සදහා සහල් මළු සහ එම ප්‍රදේශයේ පාසල් ළමුන් සදහා කිරිපිටි ප්‍රධානය කිරීම.
- 2022 නොවැම්බර් මස 18 වන දින මාතලේ මොරගහමඩ ප්‍රදේශයේ දුෂ්කර පවුල් සදහා සහල් මළු ප්‍රධානය කිරීම.
- 2022 නොවැම්බර් මස 19 වන දින ඊරිකෑගම ප්‍රදේශයේ දුෂ්කර පවුල් සදහා සහල් මළු ප්‍රධානය කිරීම.
- 2022 නොවැම්බර් මස 20 වන දින පැල්වැහැර, මිරිස්ගෝනියාව, අරලියගම, බුලාගල, පල්ලේගම, මැදමාවතගම, කිතුල්හිටියාව, මිල්ලගල යන ප්‍රදේශවලින් දහම් අධ්‍යාපනය සදහා දඹුල්ල, බුලාගල විහාරස්ථානයට පැමිණෙන දරුවන් සදහා සහල් මළු ප්‍රධානය කිරීම.
- 2022 නොවැම්බර් මස 30 වන දින උතුරු පළාතේ වවුනියාව වීරපුරම්, පෙරිය උලුක්කුලම, අවරන්තුලාව යන ප්‍රදේශවල ජීවත්වන සිංහල සහ දෙමළ පවුල් සදහා සහල් මළු ප්‍රධානය කිරීම.
- 2022 දෙසැම්බර් මස 07 වන දින ගල්ගමුව ප්‍රදේශයේ දුෂ්කර පවුල් සදහා සහල් මළු ප්‍රධානය කිරීම.
- 2022 දෙසැම්බර් මස 08 වන දින බෝදාගම ප්‍රදේශයේ දුෂ්කර පවුල් සදහා සහල් මළු ප්‍රධානය කිරීම.
මෙම කාලය තුල අප විදේශගතව සිටිබැවින් අපගේ අවවාද උපදෙස් මත මෙම කටයුත්ත සිදුකරන්නට මුලිකත්වය ගත් ගිහි පැවදි සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා පුර්වක ස්තූතිය පුද කරමු.