
අනුලා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ වැඩකටයුතු වලට නිතර සහ සම්බන්ධ වන මිහින්තලා ප්‍රදේශයේ වෙසෙන ගම්වාසී ජනතාව සඳහා අප ඊයේ (11) දින එම පවුල් සඳහා අවශ්‍ය කිරිපිටි බෙදාදීමක් සිදුකරන්නට යෙදුණි.
මේ සඳහා සම්බන්ධීකාරකත්වයෙන් දායකත්වය දැක්වු ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ වැඩසිටින ස්වාමින්වහන්සේලාටත්, මේ සඳහා සහයෝගය දැක්වු ගිහි පැවදි සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමි.



