
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට වසර 2330ක් පිරීම නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශ්‍රාසනා පරිදි වාර්ෂික පොසොන් පිංකමට සමගාමීව පවත්වන සති පිරිත් දේශනා කිරීමේ පිංකමෙහි අවසාන දින ගිලන්පස දානය පැවැත්වීමට අප විසින් දායකත්වය දරන්නට යෙදුණු අතර එමෙන්ම දහවල් දානය සදහා ද අප සම්බන්ධ විණි.





