
වියට්නාමය තුල බුදුදහමේ ව්‍යාප්තිය සහ ප්‍රවර්ධනය පිළිබඳ එරට තානාපතිනිය වන Ho Thi Thanh Truc මහත්මිය අප සමඟ නිතර සාකච්ඡා කරන අතර, එසේම වියට්නාමය තුල මෑතභාගය වන විට බුදුදහම වේගයෙන් ප්‍රචලිත වීම පිළිබඳව අප කවුරුත් දන්නා නොරහසකි.
වියට්නාම් භික්ෂු භික්ෂූණින් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට වැඩමකොට අධ්‍යාපන ලබන අතර එසේම වියට්නාමයේ බෞද්ධ ජනතාව වාර්ෂිකව සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවට පැමිණ ලංකාවේ ඇති පූජණීය ස්ථානයන් වැඳපුදා ගැනීම ද මෑතභාගය වන විට බොහෝදෙනාට දැකගන්නට ලැබෙන කරුණකි. මේ නිසාම ලංකාවට පැමිණෙන භික්ෂු භික්ෂූණින්ට, දායකාරකාදීන්ට නේවාසිකව සිටිමට නිෂ්චිත ස්ථානයක් ලංකාවේ නොමැති වීම නිසා එවැනි ස්ථානයක් අපගේ අනුශාසනා සහ දායකත්වය යටතේ ඉදිකිරීමට වියට්නාම් තානාපතිතුමිය සහ වියට්නාමයේ ප්‍රධාන නායක හිමිපාණන් වහන්සේ නමක් වන Most Ven Thich Nhat Tu උන්වහන්සේ ද එවැනි ස්ථානයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය අප සමඟ සාකච්ඡා කරන්නට යෙදුණු අතර ඒ සඳහා 2022 අප්‍රේල් මස 10 වන දින එනම් ඊයේ දින මුල්ගල තබන ලදි.
මෙම අවස්ථාවට වියට්නාමයේ ප්‍රධාන නායක හිමිපාණන් වහන්සේ නමක් වන Most Ven Thich Nhat Tu හිමියන් ඇතුළු මහානායක හිමිපාණන් වහන්සේලා, ඒවගේම උන්වහන්සේගේ දායකාරකාදීන් ඇතුළු පිරිසක් සහභාගිවූ අතර අප නාගානන්ද විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සහ මෙහි අධ්‍යාපනය හදාරන වියට්නාම් ශිෂ්‍යයන් පිළිබඳව ද අපහා සාකච්ඡා කරන්නට යෙදුණි.





