
බුද්ධශ්‍රාවිකාවන් පන්දහසක් දෙනා උදෙසා 2021 දෙසැම්බර් මස 26 වන දින මහරහතන් අනුලා භික්ෂුණී ස්ථූපය අසලදී සිදුකරන්නට යෙදුණු පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මය හා මහා පරිෂ්කාර පූජාව වෙනුවෙන් නන් අයුරින් ශ්‍රමයෙන් හා ධනයෙන් දායකත්වය ලබාදුන් ප්‍රදේශවාසී ජනතාවට ප්‍රත්‍යෝපකාරයක් ලෙස, අපගේ අනුග්‍රහයෙන් හා ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් ඊයේ (29) දින වියලි සලාක සහිත ද්‍රව්‍යයන් බෙදාදීමක් සාංචි විහාරයේදී සිදුකෙරිණි.
එහිදී අපහට විශාල වශයෙන් සහයෝගය දැක්වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ, මිහින්තලා රාජමහා විහාරස්ථ ජන පවුරේ, වැඩිහිටි පවුරේ, තරුණ පවුරේ, ශ්‍රී රතනසාර දහම් පාසලේ, තම්මැන්නාව වේලුසුමන මහා විද්‍යාලයේ, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයේ බොහෝ පිරිසකට කෘතවේදීත්වය පළකෙරිණි.


