අනුලාදේවී ස්ථූපය හා එම පූජාභූමිය සංරක්ෂණය කිරීමේ සමාරම්භක අවස්ථාව “මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම”

අනුලාදේවී ස්ථූපය හා එම පූජාභූමිය සංරක්ෂණය කිරීමේ සමාරම්භක අවස්ථාව "මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම"

ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම භික්ෂුණිය වන අනුලා මහරහතන් තෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වැඩ වාසය කළ විහාර සංකීර්ණය ලෙස පිළිගැනෙන අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් අනුලා ස්ථූපය හා එම පූජාභූමිය සංරක්ෂණය කිරීමේ සමාරම්භක අවස්ථාව ලෙස “මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම” අති ගෞරවණීය ත්‍රෛනිකායික මහානායක නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාවෙන්, ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍යපාද වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන්, අපගේ පූර්ණ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන්, ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උදුවප් මස 26 වන රිවි දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2021 ක් වූ දෙසැම්බර් මස 26 වන ඉරු දින පන්දහසකට අධික භික්ෂු භික්ෂුණී උභය සංඝයාගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සාසනාභිවෘද්ධිය පිණිස ආරම්භ කැරිණි.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාද්වීපයේ වැඩසිටින පන්දහසකට අධික බුද්ධ ශ්‍රාවිකාවන් උදෙසා මහා පරිෂ්කාර පූජාවක් සහ සංඝගත දක්ෂිණාවක් පූජා කරන්නට යෙදුණි. මේ පිංකමෙන් අත්කරගත් සියලු කුසල් දහම් මීට වසර 17කට ඉහත දී සුනාමි ව්‍යසනයෙන් මිය පරලොව යන්නට යෙදුණු සියලු දෙනාටම පුණ්‍යාණුමෝදනා වේවා!

Visit the link for the full album