සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා අපරිමිත මෙහෙයක් ඉටුකළ යුග කාරක මහ තෙරුන් වහන්සේ නමකවූ අසරණ සරණ වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ජන්ම දින සැමරුමට සමගාමීව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශය මගින් ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී පවත්වන්නට යෙදුණු 2025 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේදී අපගේ ජාතික ශාසනික මෙහෙවර ඇගයීමට එකී උත්සව කමිටුව මගින් කටයුතු කරන ලදී.
මේ දිනවල අප විදෙස් ගතව සිටින නිසා ඊයේ (19) දිනයේ අරලියගහ මන්දිරයේ දී ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගිහි පැවිදි ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් පැවත්වූ උක්ත උත්සව අවස්ථාවට අප නියෝජනය කරමින් සහභාගීවූ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ කථිකාචාර්ය පූජ්‍යපාද පස්ගොඩ සුමිත්ත හිමියන් විසින් සමරු පලකය සහ විජිනිපත පිළිගන්නා ලද අතර අපගේ ජාතික ශාසනික මෙහෙවර ඇගයීමට ලක් කළ සියලු දෙනාට පුණ්‍යානුමෝදනාව පිරිනමමු.










