2023 අගෝස්තු මස 27 වන දින සහස්සාධික මහාසංඝරත්නය උදෙසා පිදුණු යතිවර පූජා සංඝික දානමය පිංකම

2023 අගෝස්තු මස 27 වන දින සහස්සාධික මහාසංඝරත්නය උදෙසා පිදුණු යතිවර පූජා සංඝික දානමය පිංකම

සහස්සාධික මහාසංඝරත්නය උදෙසා පිදුණු යතිවර පූජා සංඝික දානමය පිංකම පසුගිය දින එනම් 2023.08.27 වන ඉරු දින මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්විය.

සිව්දිගින් වැඩි ත්‍රෛනිකායික මහාසංඝරත්නය උදෙසා, ලෝ වැසි සියලු දනන්හට සෙත්පතා දානය පිළිගන්වා ආශිර්වාද කළ අතර මෙම දානමය පිංකම සඳහා මහාවිහාරවංසික ශ්‍යාමෝපාලි මහනිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක ශ්‍රීමත් මකුලෑවේ විමල මහනාහිමි ප්‍රමුඛ මහාසංඝරත්නය සහභාගී විය.

චීනයේ අපගේ පින්වත් දායක දායිකාවන් පිරිසක් ද සහභාගී වූ මෙම අවස්ථාවට දේශපාලන අධිකාරියේ උදවිය ද සහභාගි විය.

Visit the link for the full album