
අපගේ ජාතික, ජාත්‍යන්තර, ශාසනික හා සමාජික සේවාවන් උදෙසා උපකාර සිදුකරන සියලු දායකදායිකාවන් සිහි කර ආශිර්වාද පළකිරීමේ පිංකමක් 2023.08.26 දින සවස 6.00ට මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයීය සෑ මළු පරිශ්‍රයේ දී පැවැත්වූ අතර බුද්ධ ශ්‍රාවිකාවන් මෙන් ම දායකදායිකාවන් සහ අපගේ කටයුතු උදෙසා නිරන්තව සහයෝගය දක්වන චීන දූත පිරිස සහභාගී වී සිටියහ. ඔවුන් සියලු දෙනාට ආශිර්වාද පළකර ආශිර්වාදාත්මක බෝධි පූජාව හා සෙත් පිරිත් සජ්ඣායනය සිදුකළ අතර එය මෙහෙයවනු ලැබූයේ විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. එම අවස්ථාවට අප සමඟ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියන් සහ බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම්තුමන් ද සහභාගී වි සිටියහ.