අප විසින් පවත්වනු ලබන බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාව 19 වන වරටත් කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී මෙහෙණින් වහන්සේලා පන්දහසක් (5000) නමක් උදෙසා 2024 දෙසැම්බර් මස 01 වන දින පවත්වන්නට යෙදුණි.
මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති ගෞරවාර්හ මහානායක මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍යපාද වෙඬරුවේ උපාලි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ සිව් දිගින් වැඩම කළ සුපේක්ෂල ශික්ෂාකාමී මහා සංඝරත්නය සහ බුද්ධ ශ්‍රාවිකාවන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ මහා පුණ්‍යකර්මයට ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ගරු කථානායක අශෝක සපුමල් රන්වල මැතිතුමා ප්රමුඛ සැදැහැවත් බෞද්ධ උවැසි උවැසියන් රැසක් සහභාගීවීම සුවිශේෂීවිය.
මේ තුලින් අත්පත් කරගත් කුසල් දහම් අපගේ ගුරුදෙවයන් වහන්සේලාටත්, දෙමාපිය දෙපලටත්, වසර ගණනක සිට අප සමග පුණ්‍ය කටයුතු වලට සහයෝගය ලබාදෙමින් අපවත් වී වදාළ පූජ්‍ය කණ්ඩක්කුලමේ ධම්මකිත්ති නායක හිමියන්ටත්, පූජ්‍ය පංඥාකිත්ති පණ්ඩිත හිමියන්ටත්, පූජ්‍ය ආචාර්ය පල්ලෙවෙල සාරද අනු නායක හිමියන් ඇතුළු නන් අයුරින් අපට සහයෝගය ලබාදී අපවත් වී වදාළ සියලුම ගරුතර ස්වාමින්වහන්සේලාටත්, එසේම වසර 25 ක පටන් අද දක්වා අපහට සහයෝගය ලබාදී මියපරලොව යන්නට යෙදුණු සියලුම ගිහි පින්වතුන්ටත් මේ පින් අනුමොදන්ව සසර කතරෙන් අත් මිදෙවායි ප්‍රාර්ථනා කරමු.