
මෑතකදී අප වව්නියා ප්‍රදේශයේ දුදරුවන් සදහා පාසල් උපකරණ සහ වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට යන අවස්ථාවේදී ඉතාම දුර්ලභ දසුනක් දැකගන්නට ලැබුණි. එනම් පන්සලේ හාමුදුරුවොත් හින්දු කෝවිලේ පූජකතුමත් එකතුව එම ප්‍රදේශයේ සිංහල දෙමළ පවුල්වල ජීවත්වන ලමුන් සදහා පෙරපාසලක් පවත්වාගෙනයෑමත්, සිංහල දෙමළ සියලු පිරිස් එක්ව පන්සලෙත් කෝවිලෙත් බොහෝම සමගියෙන් ආගමික පුදපුජා පවත්වමින් සමගියෙන් ජීවත්වන පරිසරයක් දැකගන්නට ලැබීමත්ය.
එම ප්‍රදේශයේ බහුතරයක් විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන නිසා පන්සලේ හාමුදුරුවන්ගෙත් පූජකතුමන්ගෙත් ඉල්ලීම වුයේ ඔවුන් විසින් පවත්වාගෙන යන ශ්‍රී සිද්ධි විනයාගර් පෙරපාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කොට විදුලිය, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් එම පෙරපාසලට ලබාදීමටය. ඔවුන්ගේ මෙම ඉල්ලීම අනුව මාසයක් වැනි කෙටිකාලයක් තුලදි පෙරපාසල අංගසම්පූර්ණව ප්‍රතිසංස්කරණය කොට 2023 ජනවාරි මස 10 වන දින නැවත දරුවන්ට බාරදෙන්නට යෙදුණි.
එම දිනයේම ඒ අවට තවත් පෙරපාසල් දෙකක් වන කදිරොලි පෙරපාසල සහ පුනිදකප්පලෙන්දි මතා පෙරපාසල් වල ඉගෙනුම ලබන දරුවන් සදහා පාසල් උපකරණ සහ ආහාර පාන ලබාදෙන්නට යෙදුණි.





