ශ්‍රී ලාංකේය මෙහෙණිවරුන් උදෙසා පිරිනමනු ලබන “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව

ශ්‍රී ලාංකේය මෙහෙණිවරුන් උදෙසා පිරිනමනු ලබන “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව

අප විසින් ආරම්භ කරනු ලැබූ මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් ශ්‍රී ලාංකේය මෙහෙණිවරුන් උදෙසා පිරිනමනු ලබන “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2023 අප්‍රේල් මස 23 වන දින අප විශ්වවිද්‍යාල ආයතනයේ දී පැවැත්විණි.

මේ සඳහා මෙහෙණිවරුන් 100 ක පමණ ප්‍රමාණයක් සහභාගී වූ අතර එයින් සුදුසුකම් ලැබූ 25 නමක් තෝරාගෙන බෞද්ධ අධ්‍යයනය පිළිබඳ උපාධිය හැදෑරීමට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දීමට අප විසින් කටයුතු සකසා තිබේ.

Visit the link for the full album