
අප විසින් මීට වසර 25කට පමණ පෙර බණ්ඩාරගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනම ආරම්භ කොට ඒ තුලින් ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි හදිසි ආපදා ඇතිවු සෑම අවස්ථාවකම එම ආපදාවන් වලට පත්වු මිනිසුන්ට පිහිට වෙමින් නැවත එම ස්ථාන යථා තත්වයට පත්කිරීම සදහා ආධාර උපකාර කරන්නට යෙදුණි.
නමුත් කාර්‍යබහුලත්වය නිසා වසර කිහිපයක පටන් ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනම පිහිටා ඇති ස්ථානයේ අභිවෘද්ධිය උදෙසා යමක් සිදුකිරීමට නොහැකිවිය. ඒ නිසාවෙන් අපගේ අනුශාසකත්වය සහ දායකත්වය ඇතිව නොවැම්බර් මස 5, 6, 7 යන දිනයන් හිදී ධර්මචක්‍ර ළමා පදනමේ රැකවරණය ලබන ළමයින්ගේ භක්ති ගීත වැඩසටහනක් පවත්වමින්, සර්වරාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක් පිරිනමන්නට යෙදුණි. තවද එම ප්‍රදේශයේ හොරණ සහ ඉංගිරිය රෝහල් වලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙන්නට යෙදුණි.






