
ධර්ම දේශනා කිහිපයකට චීනයේ බෙයිජිං නුවරට වැඩම කල අවස්ථාවේදී අපගේ දායකාරකාදීන්ගේ ආරාධනයකට අනුව Hangzhou නගරයේ පැවති ආර්ථික සමුළුවකට සම්බන්ධවීමට අපට ද අවස්ථාවක් ලැබුණි. මේ සදහා රටවල් 17ක තානාපතිවරු සහ ව්‍යාපාරිකයින් ද සහභාගි වූ අතර එහිදි අප රටේ වර්තමාන තත්වය සහ අතීතයේ ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති ආගමික හා සංස්කෘතික සම්බන්ධතාවන් පිළිබදව විශේෂ දේශනයක් පැවැත්විමට අපට අවස්ථාවක් ලැබිණි.