
ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය සහ අනුශාසනා මත අප නාගානන්ද විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති අරුන් සිද්ධාර්ත් මැතිතුමාගේ සහයෝගය ඇතිව මෙහෙය වනු ලබන ප්‍රජා සත්කාර සේවාවේ තවත් එක් දිනක් යාපනය කන්කසන්තුරෛ තිස්ස රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ අතර මැලේසියානු වෛද්‍ය කණ්ඩායමක් මේ වෛද්‍ය කඳවුරු සදහා සහභාගී වූහ.








