
අපගේ දායකත්වයෙන්, ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන්, එම ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සදහා අත්‍යවශය භාණ්ඩ හා ඒම ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලට අත්‍යවශයව පැවති ඔක්සිජේනරේටරයක්, ඔක්සිමීටර සහ මුඛ ආවරණ පරිත්‍යාග කිරීම 2021 සැප්තැම්බර් මස 27 වන දින සිදුකරන්නට යෙදුණි.
ඒම අවස්ථාවට සහභාගි වු ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ ඇතුලු පූජනීය මහාසංඝරත්නයත් සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මැතිතුමන්, මිහින්තලේ ප්‍රාදේශීය රෝහලෙහි ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමන් ඇතුලු සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයටත් සියයකට අධික ප්‍රදේශවාසී ගැබිනි මව්වරුන් උදෙසා සිදුකරන ලද මෙම උතුම් කටයුත්තට සම්බන්ධවුණු සහ සහයෝගය දුන් සියලුම දෙනාවම පූණ්‍යාණුමෝදනා පුර්වකව සිහිපත් කරමු.