මැණියන්ගේ 7වන ගුණානුස්මරණය නිමිති කොටගෙන ගෞරවණීය මහ සංඝරත්නය උදෙසා පවත්වන්නට යෙදුණ සංඝගත දක්ෂිණාව

මැණියන්ගේ 7වන ගුණානුස්මරණය නිමිති කොටගෙන ගෞරවණීය මහ සංඝරත්නය උදෙසා පවත්වන්නට යෙදුණ සංඝගත දක්ෂිණාව

මාගේ මැණියන්ගේ 7වන ගුණානුස්මරණය නිමිති කොටගෙන 2022 අප්‍රේල් මස 09 වන දින ගෞරවණීය මහ සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් මානෙල්වතු විහාරයේදී පවත්වන්නට යෙදුණි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්‍ය පූජ්‍ය අකුරැටියේ නන්ද නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය දොඩම්පහල රාහුල නාහිමිපාණන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ, චීන භික්ෂූණීන් වහන්සේලා මෙන්ම අප බුද්ධශ්‍රාවිකා පිරිවෙනෙහි වැඩ වසන බුද්ධශ්‍රාවිකාවන් ඇතුළු මහ සංඝරත්නය මේ පුණ්‍යකර්මය සඳහා වැඩමවන ලදි.

මේ පුණ්‍යකර්මය සාර්ථක කරගැනීම සඳහා උදව් උපකාර කල මාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයින්, නාගාන්නද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ සේවයෙහි නියුතු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ඉදිකිරීම් කටයුතුවල නියුතු සේවක මහතුන් ඇතුළු නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා වේවා.